Tuesday, December 12, 2017
- nethgossip.lk@gmail.com

" මම ආවට ගියාට නිරුවත් වුනේ නෑ , නිර්මාණයක් වෙනුවෙන් බිකිනි‍යක් අදින එක මහ දෙයක් නෙවෙයි " ආන්දෝලනාත්මක මියුසික් විඩීයෝවට නිරුවත් වූ පියුමි කතා කරයි .!

23086Views

ගීත රූප රචනා ඔස්සේ අතිශය ප්‍රසිද්ධියට පත් ඇය පියුම් ශ්‍රීනායක, ඇය පෙනි සිටි නිර්මාණ සමාජයේ බොහෝ ආන්දෝලනයට තුඩු දුන්නා. එම නිර්මාණ පිළිබදව සහ ඇයගේ පෞද්ගලික තොරතුරු පුවත්පතක් හා සංවාදයකට එක්වෙමින් ඇය මෙලෙස හෙළි කර තිබුනා,

 

එම සංවාදය පහතින්

 

ටිකක්‌ කාර්ය බහුලයි වගේ?
හ්ම්.... ඔව් ටිකක්‌ විතර.

අලුත්ම music video එකට ප්‍රතිචාර කොහොමද?
හොඳ ප්‍රතිචාර තියෙනවා. මේ Music video එක release වුණේ ගිය සඳුදා. අසම්මත ප්‍රේමයක්‌ ගැන කියෑවෙන රූප රචනයක්‌ මේක.

ටෙලි නාට්‍ය සඳහාත් සම්බන්ධ වුණා නේද ඔබ?
ඔව්... ටෙලි නාට්‍ය තුනකට විතර සම්බන්ධ වුණා. ඒ අතරින් 'ඔන්න ඔහේ මෙන්න මෙහේ' කියන ටෙලි නාට්‍ය හෙට අනිද්දම විකාශය වේවි. භාග්‍යා කියන චරිතය තමයි මම නිරූපණය කරන්නේ. චිත්‍රපටයකට සම්බන්ධ වුණා. අද හෙටම ඒකෙ වැඩ පටන් ගනීවි.

අඩ නිරුවත්ව පෙනී සිටීම පිළිබඳ ඔබට චෝදනා කරනවා නේද බොහෝ අය?
හොඳක්‌ කළත් නරකක්‌ කළත් මිනිස්‌සු බණිනවා ඉතිං. ඒ වුණාට බලන්න ලංකාවට එන පොඩි ළමයින් සඳහා වූ හුඟක්‌ විදේශීය චිත්‍රපට, නිර්මාණවල බලන්න ලිප් කිස්‌ එකක්‌ අනිවාර්යයෙන්ම තියෙනවා. හැබැයි අම්මලා තාත්තලා ළමයි එක්‌ක ගිහිං ලස්‌සනයි ලස්‌සනයි කියලා රස විඳිනවා. හැබැයි ලංකාවේ නිර්මාණයක එවැනි දෙයක්‌ තිබ්බොත් අපිට බණිනවා. පිට රට දේවල් පිළිගන්නත් අපේ රටේ දේවල් වලට බණින්නෙත් ඇයි කියලා නං මං දන්නේ නෑ.

ඔබේ සැමියාගෙන් විරුද්ධත්වයක්‌ නැද්ද ?
මගේ සැමියාත් මගේ ක්‌ෂේත්‍රයේම ඉන්න කෙනෙක්‌. එයා හුඟක්‌ විදේශීය නිර්මාණ බලන විඳින කෙනෙක්‌. අනික අපි පිට රටක ගියත් අපේ රටේ වුණත් beach එකකට ගියොත් ඕන තරම් දකින්න පුළුවන් ඔවැනි ඇඳුම් ඇඳලා ඉන්නවා. ඉතිං ඒක මහලොකු දෙයක්‌ කියලා මං හිතන්නේ නෑ. අනික නිර්මාණයක්‌ වෙනුවෙන් බිකිනියක්‌ අඳින එක එයාවත් මමවත් වරදක්‌ විදිහට දකින්නේ නැහැ.

අම්මා තාත්තා දොස්‌ කියන්නේ නැද්ද?
මුලදී එයාලා බැණ්‌නා. මම එයාලගේ වචනයට ගරු කරනවා. නමුත් මම එයාලට තේරුම් කරලා දුන්නා. ඊට පස්‌සේ එයාලා ටිකක්‌ තේරුම් ගත්තා. සමහර වෙලාවට මං බැණුම් අහං ඉන්නවා. හැබැයි මම කැමති දේ තමයි මං කළේ.

ගෙදර විස්‌තර ටිකක්‌ කියමුද?
මගේ තාත්තා contractor කෙනෙක්‌. මගේ මල්ලි ජනාධිපති ආරක්‌ෂක අංශයේ. අම්මා ඉන්නේ ගෙදර. මගේ මහත්තයා ව්‍යාපාරිකයෙක්‌.

ජනප්‍රිය වෙන්නයි අඩ නිරුවත් රූප රචනාවල ඔබ පෙනී සිටින්නේ කියලා කවුරුන් හෝ ඔබට චෝදනා කළොත්?
එහෙම චෝදනා කරන්න කාටවත් අයිතියක්‌ නෑ. මොකද නිළියක්‌ වෙනවා නං මෙහෙණින් වහන්සේ නමකගේ චරිතය වගේම ගණිකාවකගේ චරිතය හෝ ඕනෑම චරිතයක්‌ නිරූපණය කරන්න හැකියාව තියෙන්න ඕනෑ. ඒකනේ රංගන ශිල්පිනියෝ කියලා කොටසක්‌ ඉන්නේ.

පියුමි ගෙදර වැඩ ටික කරන් ගෙදර ඉන්න කියලා සැමියා කියන්නේ නැද්ද?
නෑ එයා මං ව්‍යාපාර කරනවට කැමති නෑ. එයත් කැමති මං මේ දේවල් කරගෙන ඉන්නවට. එයා කැමති මං හැමදාම ලස්‌සනට ඉන්නවට.

ක්‌ෂේත්‍රයට එන්න පාවිච්චි කරන ලේසි ක්‍රමයක්‌ ද අඩනිරුවත් music video ?
නැහැ.. නිරුවත්ව පෙනී හිටපු පමණට ඒක ලස්‌සන හොඳ නිර්මණයක්‌ වෙන්නේ නෑ. ඒ නිසා ආවට ගියාට එහෙම රඟපාලා වැඩක්‌ නෑ. මම අඩ නිරුවත්ව කරපු මොන නිර්මාණය ගත්තත් script එක,camara director මේ හැමදේම ඉහළ මට්‌ටමක තිබුණා. එකයි ඒ music video ජනප්‍රිය වුණේ.

දැන් තුන්වැනියෙක්‌ ගෙදරට එන්න කාලේ හරි කියලා හිතෙන්නේ නැද්ද?
හිතෙනවා. ඒ වුණාට මං හැමදේම කරන්නේ සැලැස්‌මක්‌ ඇතුව. ළමයාගේ අනාගතේ ගැන හිතලයි මං දරුවෙක්‌ ගැන දැන්ම නොහිතන්නේ. දුක්‌විඳින්න ළමයි හදන්න මං කැමති නෑ. ඒකයි ඒ කාරණාව කල් දැම්මේ.
 


 


 

 
×
 
 
 
 
×