Tuesday, December 12, 2017
- nethgossip.lk@gmail.com

චන්දි ප්‍රමුඛ සිංහ පැටවුන් අබුඩාබි වැලි කතරේ දස්කම් දක්වති , විජයග්‍රහනයෙන් බුකිය ඇවිලුනේ මෙහෙමයි .! (PHOTOS)

22574Views

ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථානය අතර පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ශ්‍රී ලංකා කණ්ඩායම  ලකුණු 21 කින් ජයග්‍රහණය කළා. මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දෙමින් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට සියලු දෙනා දැවි ලකුණු 419 ක් ලැබු අතර නොදැවි ලකුණු 155ක් ලබා ශ්‍රී ලංකා පළමු ඉනිම සවිමත් කළ දිනේෂ් චන්දිමාල්ගේ පිතිකරනය විචාරක ප්‍රශංසාවටද ලක් වූවා.  දෙවන ඉනිම සඳහා ශ්‍රී ලංකාවට සියල්ලන්ම දැවි ලබා ගත හැකි වූයේ  136ක් පමණි.

සිය පළමු ඉනිම සඳහා ලකුණු 422 ක් ලබා ගත් පාකිථානයට ජයග්‍රහණය සඳහා 136ක ඉළක්කයක් හිමි වුණා. එහිදී පාකිස්ථාන දෙවන ඉනිම ලකුණු 114 ට සීමා කිරිමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වූ අතර රංගන හේරත් යළිත් සුපුරුදු රිද්මයට පැමිණෙමින් කඩුළු 6ක් දවා ගත්තා.

තරගයේ ජයග්‍රාහී දහවන කඩුල්ල ලබා ගත් රංගන හේ‍රත් ඉතිහාස ගත වූයේ ටෙස්ට් කඩුලු 400ක් ලබා ගත් එකම පන්දු යවන්නා ලෙසයි . රංගන හේරත් ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාවට සිදු කළ සේවය අමරණීය සේවයක් බව ලොව පුරා ක්‍රිකට් රසිකයන් සමාජජාලා මාධ්‍ය ඔස්සේ අදහස් දක්වා තිබුනා. තවද ලකුණු 138ක් වැනිඩු ලකුණු සංඛ්‍යාවක් සාර්ථකව ආරක්ෂා කළ දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වය සුපිරි එකක් බවට ට්විටර් සමාජජාලා ඔස්සේ බොහෝ විචාරකයන් පෙන්වා දී තිබුනා

 

තරගය පිළිබදව ජයග්‍රහනයෙන් මුසපත් වූ ශ්‍රී ලංකා රසිකයන් සමාජජාලා වල පළ කල අදහස් පහතින්


 

 

 


 

 


 


 

 

 


 

 


 


 

 


 


 


 


 

 
×
 
 
 
 
×