Friday, October 20, 2017
- nethgossip.lk@gmail.com

"ආක්‍රමණික පෘතුග්‍රීසින්ගේ රුධිරයෙන් මුල්ලේරියා වෙල පිරවූ රජුට එල්ල වන චෝදනා මඩ ප්‍රහාර ලූ " ඉතිහාසය වෙනස් කරන්න වියතුන් පිරිසක් එක් වේ .!

11564Views

කටේ කිරි සුවඳ යන්නට පවා බැරිවුණා.. 
යුදට උපන් කුමරිදු යයි නමක් ඇතිවුණා..
මුලෙරියා වෙලේ වතුර ලෙයට හැරවුණා..
ටිකිරි කුමරු රාජසිංහ නමින් රජවුණා..

අප සැවොම අසා ඇති ඉහත ජන කවියෙන් කියැවෙන්නේ ලක් ඉතිහාසයේ විසූ ශ්‍රේෂ්ඨතම පාලකයෙක් වන සීතාවක රාජසිංහ නොහොත් පළමුවන රාජසිංහ රජතුමා පිළිබදවය.

පළමුවන රාජසිංහ රජු ක්‍රි.ව. 1581 සිට 1593 දක්වා සීතාවක රාජධානියේ රාජ්‍ය කරවිය. ටිකිරි බණ්ඩාර ලෙස සීතාවක රාජධානියේ මායාදුන්නේ රජුට දාව උපන් එතුමා  නිර්භිතබාවය නිසා වත්මන් පරපුර අතරද මහත් ප්‍රසිද්ධියක් උසුලයි. ආක්‍රමණික පෘතුගිසීන්ට එරෙහිව කල ජයාග්‍රාහි වීර සටනින් පසු සිංහයන්ගේ රජා යන අරුථ ඇති රාජසිංහ යන නාමයෙන් කිරුළු පලන් එතුමා ලක් ඉතිහාසයේ දරුණුතම චෝදනා රැසකට ලක් වූ පාලකයෙක් බවට සැක නැහැ. ඉතිහාසය පුරාම එතුමන්ට පීතෘ සහ භික්ෂු ඝාතන, විහාරාරාම, ධර්ම පුස්තක ගිනි තැබීම ආදී චෝදනාය. එම නිසාම අද වන විටත් බොහෝ දෙනෙකු සීතාවක රාජසිංහයන් හඳුන්වනුයේ පීතෘ ඝාතනය, බුදු සසුන වැනසීම වැනි පාපතර ක්‍රියා කළ කෲර නරපතියෙකු ලෙසයි. 

කෙසේ නමුත් පලමුවන රාජසිංහ නොහොත් සීතාවක රාජසිංහ රජතුමන්ට ඉතිහාසයෙන් සිදුව තිබෙන අසාධාරණය නිවැරදි කළ යුතු යැයි විද්වත් කණ්ඩායමක් පවසනවා.

ඔවුන් පවසන්නේ සමකාලීන සහ පසුකාලීන ඵෙතිහාසික මූලාශ්‍ර විධිමත්ව විමසා බලන පලමුවන රාජසිංහ රජුට එල්ල වූ සියලූම චෝදනා මුළුමනින්ම අසත්‍ය සහ සාවද්‍ය බව හැගී යන බවයි. ඒවා විවිධ පාර්ශවයන් විසින් සීතාවක රාජසිංහයන්ගේ චරිතයට එල්ල කළ 'මඩ ප්‍රහාර' එම විද්වත් කණ්ඩායමේ මතයයි.

ඒ අනුව සීතාවක රාජසිංහ රජුට එල්ලව තිබෙනා  එම චෝදනා වලින් 'නිදොස් කොට නිදහස් කිරීම' මුල්කොට ගත් කතිකාවක් මෙම වියත් පිරිස මගින් සංවිධානය කර තිබෙනවා. මෙම කතිකාවත ‛සීතාවක රාජසිංහයන්ට සිදුවූ ඵෙතිහාසික අසාධාරණය’ යන මැයෙන් ඔක්තෝම්බර් 14 වෙනි සෙනසුරාදා පෙරවරු 09.00 ට අවිස්සාවේල්ල, ශාන්ත මරියා විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වීමට කටයුතු කර තිබෙන බව මෙම වියතුන් පිරිස පවසනවා.

සේවා සම්මානිත මහාචාර්ය ටී.ජී.කුලතුංග, ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ, විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ඇතුළු විද්වතුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම කතිකාව සංවිධානය කරන්නේ සීතාවක පුරාවිද්‍යාත්මක හා ඵෙතිහාසික උරුමය සුරැකීමේ සංවිධානය විසිනුයි.  

සීතාවක රාජසිංහයන්ට සිදුවූ අසාධාරණය ඵෙතිහාසික සහ සාහිත්‍ය මූලාශ්‍ර ඔස්සේ තහවුරු කොට එතුමන් ඉහත සඳහන් සියළු චෝදනා වලින් නිදොස් කොට නිදහස් වනු දැකීමට කැමති ඕනෑම අයෙකුට නොමිලේ මෙම කතිකාවට එක් විය හැකි යැයි සංවිධායකයන් නෙත් ගොසිප් හමුවේ වැඩි දුරටත් අදහස් දක්වමින් පවසා සිටියා.
 


 

YOU MAY ALSO LIKE