Friday, October 20, 2017
- nethgossip.lk@gmail.com

"චමින්ද ත්‍රීවීල් එකේ ඉන්නවා අපි ඌව මරනවා ගිහින් සුදු කොඩි දාපල්ලා" - පිහි පහර 19කින් නංගීගේ පෙම්වතාගේ හදවත පසාරු කළ අයියා මලෝ පෝරකේට ගිය හැටි..!

39635Views

සිය නැඟණිය සමඟ පෙම් සබඳතාවක් පැවැත්වූ අයකුට පිහි පහරවල් 19ක් ඇන ඝාතනය කිරීමේ අධි චෝදනාවකට වරදකරුවන් වූ චූදිතයන් දෙදෙනකුට පානදුර පළාත් බද මහාධිකරණ විනිසුරු පද්මිනී එන්. රණවක ගුණතිලක මහත්මිය මරණීය දණ්ඩනය නියම කළාය.

චූදිතයන් පිහියෙන් ඇන මරා තිබුණේ සිය නැඟණියගේ පෙම්වතා වූ රණසිංහ හෙට්ටිගේ චමින්ද කුමාර පෙරේරා නමැති තරුණයෙකි.

පොදු පරමාර්ථයක් ඉටුකර ගැනීමේ අරමුණින් සැලසුම්සහගතව නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වී 2005 නත්තල් දා සන්ධ්‍යා කාලයේදී පිහියෙන් ඇන බරපතළ තුවාල සිදුකර මෙම ඝාතනය සිදුකර ඇති බවට චූදිතයන්ට අධිචෝදනා එල්ල වී තිබිණි.

2005 නත්තල් දා සවස 6ට පමණ නිවෙසින් පිටවූ චමින්ද කුමාර පෙරේරා නමැත්තාට පිහියෙන් අනිනු දුටු බවට ලද සාක්කිද "චමින්ද ත්‍රීවීල් එකේ ඉන්නවා අපි ඌව මරනවා ගිහින් සුදු කොඩි දාපල්ලා" යැයි චූදිතයන් කියනවා ඇසුණු අයගේ සාක්කිද චමින්ද කෙඳිරිගාන හඬ ඇසුණු සාක්කිද විශේෂයෙන් හෘදය වස්තුව පසාරු කරගෙන යන ලෙස පිහි පහරවල් 19 සම්බන්ධයෙන් පානදුර අධිකරණ වෛද්‍ය ආටිගල මහතා ලබාදී ඇති වෛද්‍ය වාර්තාව අනුවද චූදිතයන් වරදකරුවන් බවට තීරණය කළ බවද විනිසුරුවරිය ප්‍රකාශ කළාය.

පළමු චූදිත පිහිය ගෙන ඇනගෙන ඇනගෙන යන ආකාරය ඇසින් දුටු සාක්කි ඉදිරිපත් වීමද අධිකරණයේ සැලකිල්ලට යොමු වූ බවද විනිසුරුවරිය පැවැසුවාය.

මරණකරු විත්තිකරුවන්ට යමක් කිරීමට පැමිණි බවක් සඳහන් නොවීමත් ආත්මාරක්ෂාවට හෝ හදිසි අවස්ථාවකට මුහුණ දෙමින් මෙම පිහි ඇනුම සිදුකළ බවට පැමිණිල්ලේ සාක්කි ඉදිරිපත් නොවීමද අධිකරණයේ සැලකිල්ල යොමු වූ බවද විනිසුරුවරිය පැවැසුවාය.

චූදිතයන්ට මරණ දණ්ඩන තීන්දුව නියම කිරීමට පෙර අවසන් වරට කිවයුත්තේ කුමක්දැයි අධිකරණය විමසූ අවස්ථාවේ තමන් මෙම ඝාතනය සිදු නොකළ බවත් තමන් නිදහස් කරන ලෙසත් චූදිතයෝ දෙදෙනා අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

චූදිතයන් දෙදෙනාට නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වීම හා පිහියෙන් ඇන බරපතළ තුවාල සිදු කිරීමේ චෝදනා රැසකට මාස හයක බරපතළ වැඩ ඇතිව සිර දඬුවමක් නියම කරන බවත් පිහියෙන් ඇන ඝාතනය සිදු කිරීමේ අධි චෝදනාවට මරණ දඬුවම හිමිවන බවත් විනිසුරුවරිය නියෝග කළාය.

පානදුර දකුණු පොලිසිය මෙම මිනීමැරුම සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹා පානදුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා පැවැති මූලික නඩු විමසීමෙන් අනතුරුව නීතිපතිවරයා විසින් අධි චෝදනා ගොනු කර පානදුර පළාත් බද මහාධිකරණයේ නඩු පවරා තිබිණි.

YOU MAY ALSO LIKE