Tuesday, November 21, 2017
- nethgossip.lk@gmail.com

ඉන්දියානු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු හදිස්සියේ ක්‍රිකට් පිටියට සමුදෙයි..!

18984Views

ඉන්දියානු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව ප්‍රකාශ කර තිබේ.

මෙසේ ජාත්‍යන්තර එක්දින, ටෙස්ට් හා විස්සයි 20 පිටියට සමුදීමට තීරණය කර ඇත්තේ වමත් වේග පන්දු යවන්නෙකු වන අෂිශ් නෙහෙරායි.

‘‘මම කණ්ඩායම් කළමණාකාරීත්ය ඇතුළු සියලු දෙනා සමග සාකච්ඡා කළා.තමන්ගේ රසියකයින් ඉදිරියේ සමුගන්නා තරම් දෙයක් තවත් නැහැ..‘‘ යැයි පවසන නෙහෙරා ලබන නොවැම්බර් මස පළමුවැනිදා නවසීලන්ත කන්ඩායම සමග පැවත්වෙන විස්සයි 20 තරඟයෙන් අනතුරුව ක්‍රිකට් පිටියට සමුදෙන බව කියයි.

මේ වන විට 38 හැවිරිදි වියේ පසුවන අෂිශ් නෙහෙරා 1999දී ක්‍රිකට් පිටියෙට අවතීරණ විය.2003 වසරේ පැවති ලෝක කුසලාන තරඟාවලියේ නෙහෙරා සුවිශේෂි දස්කම් දැක්වූ අතර එම තරඟාවලියේ අනූශූරයන් වූ ඉන්දියානු කණ්ඩාමයට නෙහෙරාගේ ලද සහය සුවිශේෂී විය.

සුපුරුදු දස්කම් අතර නොසීටිම නිසා සහ ආබාධ තත්ත්වයන් හේතුවෙන් ඉන්දිය කණ්ඩායමේ ස්ථානය අහිමි වන නෙහෙරා 2011 වසරෙන් පසුව කිසිදු එක්දින තරඟයට ක්‍රීඩා කොට නැත.

අයි පී එල් තරඟාවලියේදී චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම නියොජනය කළ නෙහෙරා දැක්වූ දස්කම් මත පසුව ඉන්දීය විස්සයි 20 කණ්ඩායමේ ස්ථානයක් ඔහුට හිමිවිය.
 


 

YOU MAY ALSO LIKE