Friday, October 20, 2017
- nethgossip.lk@gmail.com

අපට ලැජ්ජයි..සමාවෙන්න.. - ගල් ගහලා ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ බස් එක කුඩු කරපු ඉන්දියානුවෝ ලෝකයෙන්ම සමාව ගත් හැටි (PHOTOS)

13582Views

ලෝක ක්‍රිකට් පිටියේ වැඩිපුරම අශිලාචාර විදියට, ප්‍රකෝපකාරී විදියට හැසිරෙන්නේ මොන රටේ ප්‍රේක්ෂකයන්ද කියලා ඇහුවොත් ගොඩක් අයගේ උත්තරේ වෙන්නේ ඉන්දියාව.ක්‍රීඩාවක ජය පැරදුම කියන්නේ සාමාන්‍ය දෙයක් වුණත් ඉන්දියානු කණ්ඩායම පරදිද්දි ඉන්දියාවේ සමහර ප්‍රේක්ෂකයෝ කුපිත වෙලා ක්‍රීඩකයන්ගේ ගෙවල් වලට ගල් ගහපු හැටි,ඡායාරූප ගිනි තියපු හැටි,රූපවාහිනි යන්ත්‍ර පොලවේ ගහපු හැටි ගැන කතා ඕන තරම් අපි අහලා තියනවා.

පහුගිය දවසක ඕස්ට්‍රේලියානු කණ්ඩායම එක්ක පැවත්වුණු විස්සයි 20 තරඟයෙන් පස්සෙනුත් ඒ වගේ සිදුවීමක් වුණා.මේ තරඟයෙන් ඉන්දියානු කන්ඩායම ලද පරාජය දරාගන්න බැරිවුණු ඉන්දියානු ප්‍රේක්ෂකයන් පිරිසක් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ගමන් ගත් බස් රථයට ගල් ප්‍රහාරයක් එල්ල කරලා තිබුණා.

මින් කාටවත් අනතුරක් වුනේ නැතත් මෙය ඉතා බියජනක සිදුවීමක් වුණා කියලා ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පිතිකරු ආරොන් ෆින්ච් එයාගේ ට්විටර් ගිණුමේ සඳහන් කරලා තිබුණා.

කොහාම වුණත් තමන්ගෙ රටේම මිනිස්සු අතින් වුණ වරදට සමාව ගන්න පිරිසක් කටයුතු කරලා තිබුණා.ඕස්ට්‍රේලියානු කණ්ඩායම නැවතිලා හිටපු හෝටලය අසළට පැමිණි මේ ඉන්දියානුවන් පිරිස ‘අපට සමාවන්න‘ ‘ලැජ්ජයි‘ වැනි විවිධ පුවරු ප්‍රදර්ශණය කරමින් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින්ගේන් සමාව ඉල්ලා තිබුණා.



 

YOU MAY ALSO LIKE