Friday, October 20, 2017
- nethgossip.lk@gmail.com

‘සකල කැණහිල් ඝෝෂාවට වික්ටර්ගෙන් ලැබුණ නිහඬ පිළිතුරට‘ YOUTUBE වෙබ් අඩවියේ ඉහළම තැන..!

24406Views

වික්ටර් රත්නායක ශූරීන්ගේ අලුත්ම ගීතය නිකුත් වුනේ පහුගිය 7වැනිදා.මේ ගැන ඉස් ඉස්සෙල්ලාම ඔබට කීවෙත් නෙත් ගොසිප් අපි. දිගු නිහැඩියාව බිඳිමින් කාලයකට පස්සේ වික්ටර් රත්නායකයන් සිය රසිකයන්ට ලබාදුන් මේ ගීතයට විශාල ප්‍රතිචාර ලැබුණා.ඒ ප්‍රතිචාර කොච්චරද කියනව නම් මගේ සඳ ඇවිත් ගීතය මේ වෙනකොට යූ ටියුබ් වෙබ් අඩවියේ ට්‍රෙන්ඩින් ලැයිස්තුවේ පළමු තැන ගන්න සමත් වෙලා..

ගීතය නැරඹූ බොහෝ දෙනාගේ උණුසුම් ප්‍රතිචාර ලබන මේ ගීතය යූ ටියුබ් වෙබ් අඩවිය ඔස්සේ 319 000 ක් පමණ නරඹලා තියනවා.‘‘සකල කැණහිල් ඝෝෂාවට සාර්ථක නිහඬ පිළිතුරක්‘‘ ලෙස මේ ගීතය හඳුන්වන රසිකයින් අද කාලේ නිතර ඇහෙන ගීත වලට වඩා කෙතරම් අර්ථාන්විත බවක් රසයක් ඇත්දැයි සඳහන් කරනවා.

පහතින් දැක්වෙන්නේ එවැනි රසික අදහස් කිහිපයක්. 

හිරු ගිලෙනා මද්දහනේ මගේ සඳ ඇවිත්..
සංගීතය, වටපිටාව , ගීතයෙ අර්ථය පදවැල් හැමදේම  ගොඩාක් ලස්සනයි

වික්ටර් රත්නායක මහතානනේ. ඔබගේ පෞද්ගලික ජීවිතයෙන් අපට වැඩක් නැත. එදා මෙන්ම අදත් හෙටත් අප ඔබගේ නිර්මාණවලට ආදරය කරන්නෙමු. හිස් මිනිසුන්ගේ සුන් අදහස් සහ අවලාද වලින් ඔබ වැන්නකු බිමට ඇද දැමීමට කිසිවෙකුට නොහැකි බව මේ නිර්මාණයෙන්ම ඔබ ඔව්න්ට පෙන්වා දී ඇත. ඔබට දීර්ඝායුෂ පතන්නෙමු ප්‍රිය මහත්මයානෙනි.. ආයු රඛ්කන්තු ආවඩා..

ලස්සනයි
අහන්න පුලුවන් 
බලන්න පුලුවන්
ඇගේ ලේ රත් නොවෙන  දුශ්ටකම්, කුපාඩිකම් නැති හිතට  අමුතුම  හැගීමක් දැනෙන ගීතයක් 
අපිට අපේ  දේ හොදටම ඇති! 
නැට්ට  ගිනිඅරන් දගලන සත්තුන්ගෙ සින්දු එපා

කනට මිහිරි ගීත..... සියපාරක් ඇසුවත් රසය එලෙසමයි ..

අති විශිෂ්ටයි! වික්ටර් රත්නායක නැමති ඒ දැවැන්තයාට යලි ජීවය දී රටට මිහිරීගීතයක් තිළිනකරවීමට ජීවිතය කැපනළ සොඳුරු හදැති ඔහුනේ නැවුම් සෙනේවන්තියට මගේ ශීර්ෂ ප්‍රණාමය පුදකරමි. යලි උපන් වික්ටර් රත්නායක මහතානෙණි, දිගුකළක් ඇය වෙනුවෙන් ගයන්න!! අප එහි මිහිර විඳිමු

ඔබ තවමත් එම ගීතය නරඹා නැත්නම් පහතින් නැරඹිය හැකියි..


 

YOU MAY ALSO LIKE