Friday, October 20, 2017
- nethgossip.lk@gmail.com

ගුරුවරිය දණ ගැස්වූ මන්ත්‍රීටත් ආසන සංවිධායක ධූරයක්! - ආසන සංවිධායක ධූරය හිමිවූ තවත් දූෂණ චෝදනා ලැබූ අය මෙන්න 

11411Views

ඊයේ (12) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව ආසන සංවිධායක වරුන් පත් කරනු ලැබුවා. නව සංවිධායකවරුන් අතරට 2013 වසරේ ගුරුවරියක දන ගැස්වීමේ සිදුවීමක් නිසා මහත් ආන්දෝලනයට ලක්වූ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාරද ඇතුලත් වනවා. ජනාධිපතිවරයා විසින් ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණමඩුව ආසනයේ නව සංවිධායකවරයා ලෙස පත්කර තිබේ. 

තම දියණියගේ පාසල් නිල ඇඳුම දික් කරන ලද බව පවසමින් හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා විසින් නවගත්තේගම නවෝධ්‍යා විද්‍යාලයට අයුතු ලෙස ඇතුල් වී, විදුහලේ විනය භාර ගුරුවරිය දණ ගස්වා, තුවාල සිදු කොට පසුව මරණ තර්ජනද සිදුකොට තිබුණි.

අම්පාර බටහිර බල ප්‍රදේශයේ සංවිධායකවරයා ලෙස හිටපු අග්‍රාමාත්‍ය දී මූ ජයරත්න මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වන කීර්ති වීරසිංහ පත්කොට තිබේ. 2013 වසරේ වැඩිම මත්කුඩු ප්‍රමාණයක් අඩංගු කන්ටේනරය නිදහස් කිරීම සඳහා ලිපියක් නිකුත් කළ බවට චෝදනා එල්ල වූයේ ඔහුටයි.

මෙයට අමතරව කොළඹ දිස්ත්‍රික්කයේ නව සංවිධායකවරයෙකු ලෙස හිටපු පළාත් සභා මන්ත්‍රී ඉන්දික කෝරළගේද පත්කර තිබෙනවා. නීති විරෝධී සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබු අතර නෙත් එෆ් එම් බැලූම්ගල වැඩසටහනින්ද ඒ පිළිබඳ කරුණු අනාවරණ කළා.

පළාත් සභා මන්ත්‍රී ඉන්දික කෝරළගේ පිලිබඳ බැලුම්ගල හෙළිදරව්ව අහන්න පහලින් 

YOU MAY ALSO LIKE