Friday, November 24, 2017
- nethgossip.lk@gmail.com

හෙට සිදුවෙන දෙයින් වවුනියාවේ දමිළ තරුණයන්ගේ සිත් කැළඹෙයි. තරුණයින් ලක්ෂ ගණන් වියදම් කරලා.

21335Views

දීපවාලි දිනයට සමගාමීව  තිරගතවීමට නියමිතව ඇති Mersal චිත්‍රපටය හේතුවෙන් වවුනියාවේ තරුණ තරුණියන් දැඩි උන්මාදයට පත්ව තිබෙනවා.

දකුණු ඉන්දියානු සිනමා ශාලාවල ආකාරයෙන්ම වවුනියාවේ වසන්ති සිනමා ශාලාව අසල ඉතා විශාල ප්‍රචාරක දැන්වීම්ද නිර්මාණය කර තිබෙනවා. මේ සඳහා ප්‍රධානතම හේතුව වී ඇත්තේ මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට රංගනයෙන් දායකත්වය ලබා දෙන්නේ දකුණු ඉන්දියානු සුප්‍රකට නළු විජෙයි වීමයි.

මේ වෙනුවෙන් තරුණයන් සිය පෞද්ගලික මුදලින් අඩි 25 ක පමණ උසින් යුතු විජෙයිගේ ඡායාරූපයක් නිර්මාණය කර තිබීමද තවත් විශේෂත්වයක්. එසේම මේ වන විට සම්පූර්ණ සිනමා ශාලාවම වැසී යන පරිදි ප්‍රචාරක දැන්වීම් නිර්මාණය කර තිබෙනවා.

තවදුරටත් එවැනි ප්‍රචාරක දැන්වීම් ස්ථාපිත කිරීම සඳහ දමිළ තරුණයන් අවසර ඉල්ලා තිබෙනවා.නමුත් ඒ සඳහා සිනමා ශාලාවේ හිමිකරු අවසර ලබා දී නැහැ.

 

 

 

 

 

YOU MAY ALSO LIKE