Friday, November 24, 2017
- nethgossip.lk@gmail.com

"චමින්ද ත්‍රීවිල් එකේ ඉන්නවා. අපි ඌව මරනවා ගිහින් සුදුකොඩි දාපල්ලා" නංගීගේ ප්‍රේමවන්තයා නැසූ අයියලාට වසර 12 කට පසු වැඩ වරදී

7747Views

තම නැගෙණිය සමඟ ආදර සම්බන්ධතාවයක් පැවැත්වූ තරුණයෙකුට පිහි පහරවල් 19 ක් ඇව ඝාතනය කිරීමේ සිදුවීමකට වරදකරුවන් වූ සොහුයුරන් දෙදෙනෙකුට මරණ දඬුවම නියමකර තිබෙනවා. ඒ පානදුර පළාත්බද මහාධිකරණ විනිසුරු පද්මිණී එන්. රණවක ගුණතිලක විසින්.

මෙලෙස චූදිතයන් විසින් පිහියෙන් ඇන මරා දමා තිබුණේ තම නැගණියගේ පෙම්වතා වූ රණසිංහ හෙට්‌ටිගේ චමින්ද කුමාර පෙරේරා නමැති තරුණයෙක්.

2005.12.25 නත්තල් දා සවස 6.00 ට පමණ නිවසින් පිටවූ චමින්ද කුමාර පෙරේරා නමැත්තාට පිහියෙන් අනිනු දුටු බවට ලැබුනු  සාක්‌ෂි සහ "චමින්ද ත්‍රීවිල් එකේ ඉන්නවා. අපි ඌව මරනවා ගිහින් සුදුකොඩි දාපල්ලා" යෑයි චූදිතයන් කියනවා ඇසූ බවට ලැබුණු සාක්ෂිද මෙහිදී සලකා බලා තිබෙනවා.

එසේම චමින්ද කෙඳිරිගාන හඬ ඇසුණ සාක්‌කිද, විශේෂයෙන් හෘදය වස්‌තුව පසාරු කරගෙන යන ලෙස ඉතා කෲර අන්දමින් ඇන ඇති පළමු පිහිපාර හා එකේ සිට 9 දක්‌වා ඇන ඇති බරපතළ පිහිපහරවල් සමඟ ඇන ඇති පිහි පහරවල් 19 සම්බන්ධයෙන් පානදුර අධිකරණ වෛද්‍ය ආටිගල මහතා ලබාදී ඇති වෛද්‍ය වාර්තා සාක්‌ෂි අනුවද මොවුන් වරදකරුවන් කිරීමට  අධිකරණය තීරණය කළ බව විනිසුරුවරිය කියා තිබෙනවා.

මොවුන්ට මරණ දණ්‌ඩන තීන්දුව නියම කිරීමට පෙර අවසන් වරට කිව යුත්තේ කුමක්‌දැයි අධිකරණය විමසූ අවස්‌ථාවේදී තමන් මෙම ඝාතනය සිදුනොකළ බවත්, තමන් නිදහස්‌ කරන ලෙසත් ඔවුන්  දෙදෙනා අධිකරණය හමුවේ කියා තිබෙනවා.

චූදිතයන් දෙදෙනාම නීති විරෝධී රැස්‌වීමක සාමාජිකයන් වීම හා පිහියෙන් ඇන බරපතළ තුවාල සිදුකිරීමේ චෝදනා රැසකට මාස හයක බරපතළ වැඩ ඇතිව සිර දඬුවම් නියම කරන බවත්, පිහියෙන් ඇන ඝාතනය සිදුකිරීමේ අධිචෝදනාවට මරණ දඬුවම හිමිවන බවත් විනිසුරුවරිය නියෝග කලා.

YOU MAY ALSO LIKE