Friday, November 24, 2017
- nethgossip.lk@gmail.com

දකුණු අහසේ පිපිරීමක්..උල්කාෂ්මයක්ද සැකයක්?

26556Views

මාතර අහසේ මීට ටික වේලාවකට පෙර යම් පිපිරීමක් සිදුව තිබෙනවා.ප්‍රදේශය පුරා ගිලන් රථ සහ පොලිස් රථ වාහන ගමන් කරන බවයි දැනගන්නට ලැබෙන්නේ.මෙ වන විට විශාල පිරිසක් මාතර මුහුදු වෙරළ ආශ්‍රිතව එක් රැස් වී සිටින බව වාර්තා වෙනවා.මෙම පිපිරීමේ ශබ්දය මාතර සහ ඒ අවට ප්‍රදේශවලටද ඇසී තිබෙනවා.

මේ පිළිබදව තොරතුරු දැන ගැනීමට නෙත් ගොසිප් මාතර ප්‍රදේශයේ විවිධ ස්ථාන වලින් වාර්තාකරුවන් සම්බන්ධ කර ගත් අතර ඔවුන් පැවසුවේ නිල් පැහැති ආලෝකයක් සමග විශාල ශබ්දයක්ද ඇසුනු බවයි.

මේ අතර මෙය ගුවන් අනතුරක් නොවන බවත් මේ පිලිබඳව තමන්ට කිසිම තොරතුරක් වාර්තා වී නොමැති බවත් ගුවන් හමුදාව පවසනවා.මෙම සිදුවීම පිලිබඳව අදහස් දකවන ආචාර්ය චන්දන ජයරත්න සඳහන් කරන්නේ මෙය දකුණු වෙරළ තීරයට කඩා වැටුනු උල්කාෂ්මයක් බවයි.

YOU MAY ALSO LIKE