Friday, November 24, 2017
- nethgossip.lk@gmail.com

" එයා රබර් සෙරෙප්පු දාගෙන අපිට බෝල් කලේ ," සපත්තු නැතිව පන්දු යැවූ ප්‍රතිවාදී ක්‍රීඩකයාට සිය සපත්තු ජෝඩූව තෑගී දුන් අපේ යොවුන් වේග තරුවට ලොවෙන්ම ප්‍රශංසා .!

41352Views

ශ්‍රී ලංකා A කණ්ඩායම මේ දිනවල බටහිර ඉන්දීය කොදෙව් දුපත් හි සංචාරයකි, 
එම තරගාවලිය අතරතුර ඊයේ (19) දින සිදුවූ සිදුවීමක් ලොව පුරා ක්‍රිකට් රසිකයන්ගේ අවදානයට ලක්ව තිබේ.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට පුහුණු දැල් තුල පන්දු යැවීමට කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් එරට යොවුන් ක්‍රීඩකයන් සපයා තිබේ.
මෙලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන්ට පන්දු යැවූ එක් කොදෙව් තරුණ ක්‍රීඩකයෙකුගේ සුවිශේෂීත්වයක් ශ්‍රී ලංකා යොවුන් වේග පන්දු යවන්නෙක් වන අසිත ප්‍රනාන්දු දැක තිබේ.

එනම් මේ යොවුන් කොදෙව් ක්‍රීඩකයාට පන්දු යැවීමට ක්‍රීඩා සපත්තු යුවළක් නොතිබුනු අතර ඔහූ පන්දූ යැවූවේ රබර් සෙරෙප්පු පැළද සිට වීමයි , වහාම  ක්‍රියාත්මක වූ අසිත තමන්ගේ සපත්තු යුවළ මෙම කොදෙව් තරුණ ක්‍රීඩකයාට පරිත්‍යාග කිරීමට කටයුතු කළ අතර සිදුවීම දුටු ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ කළමණාකරුවා චරිත් සේනානායක විසින් එම අවස්තාවේ ඡායාරූපයක් ගෙන සිය ෆේස්බුක් ගිණුමට එක්කොට තිබුනි.

අසිත ප්‍රනාන්දුගේ මෙම පරිත්‍යාගශීලි ක්‍රියාව සමාජජාල වෙබ් අඩවි තුලදී ලොව පුරා ක්‍රිකට් රසිකයන්ගේ ප්‍රශංසාවට ලක්ව තිබීම විශේෂත්වයකි.


 

YOU MAY ALSO LIKE