Friday, November 24, 2017
- nethgossip.lk@gmail.com

‌" සිසුවිය ගෙදරින් එළියට එනකම් මහ රෑ කුස්සියේ හැංගිලා ඉදලා " දහසය හැවිරිදි පාසල් සිසුවියට නිවසේදීම අතවර කිරීමට හැදු නරුමයාට ගම්මුන් දුන් දඬුවම .!

15496Views

නිවසක මුළුතැන්ගෙයක් තුළ සැඟවී සිට එම නිවසේ පදිංචිව සිටි දහසය හැවිරිදි බාල වයස්‌කාර පාසල් සිසුවියකගේ අතින් ඇද අතවර කිරීමට උත්සාහ දැරු සෙබලෙකු පිළිබදව පුවතක් වාර්තා වෙනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයෙන්.

සිදුවීම සැකෙවින් මෙසේය ,

අනුරාධපුර තලාව රත්මල්ගහවැව ප්‍රදේශයේ නිවසක පදිංචි මෙම දහසය හැවිරිදි පාසල් සිසුවිය සිය නිවසේදී රාත්‍රි 9.45 ට පමණ ආහාර ගැනීමෙන් පසු අත සේදීම සඳහා මුළුතැන්ගෙට ගොස්‌ තිබෙන බව සදහන්. එම අවස්‌ථාවේ මුළුතැන්ගේ තුළ සැඟවී සිට ඇති සැකකාර සෙබළා එකවරම ඇය සිටි දෙසට පැන ඇගේ අතින් ඇද තිබේ. ඉන් තැති ගත් සිසුවිය මර හඬ දී කෑ ගසනවාත් සමගම සැකකාර සෙබළා මුළුතැන්ගෙයින් පිටතට පැන පලා ගොස්‌ ඇති බව වාර්තා වේ.
 
එම අවස්‌ථාවේ සිසුවියගේ දෙමවුපියන්ද පලා ගිය සෙබළා කොටු කර ගැනීම සඳහා කෑ ගසමින් අසල්වාසීන්ගෙන් උදව් ඉල්ලා තිබෙන බව සදහන්.
 
ඒ අනුව සිසුවියගේ අතින් අල්ලා රත්මල්ගහවැව යුද හමුදා කඳවුර දෙසට පලාගිය සැකකරු මහමග ගමන් ගත් තරුණයන් දෙදෙනෙකු විසින් හඳුනාගෙන ඇත. අනතුරුව ඔවුන්ගේ දැනුම් දීම මත සිසුවියගේ දෙමවුපියන් අදාළ සිද්ධිය පිළිබඳව පොලිස්‌ හදිසි ඇමතුම් අංක 119 ඇමතුමක්‌ ලබා ගෙන පැමිණිලි කිරීමෙන් පසු ගම්වාසීන් විසින් හමුදා කඳවුර තුළ සැඟවී සිටි සැකකරු තමන්ට භාරදෙන ලෙස ඉල්ලා යුද හමුදා කඳවුර වටලා තිබේ. එම අවස්‌ථාවේ එහි පැමිණ ඇති තලාව පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‌ෂක ලක්‌මාල් විඡේරත්න මහතා නොසන්සුන්කාරී ලෙස හැසිරෙමින් යුද හමුදා කඳවුර වටලා සිටි ජනතාව සන්සුන් කොට පසුව සැකකාර සෙබළා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
 


 

YOU MAY ALSO LIKE