Friday, November 24, 2017
- nethgossip.lk@gmail.com

''උඹ දුවලට විතරයි සළකන්නේ'' යැයි පවසා තම මවගේ ගෙල සිරකර මරලා. හේතුව ඉඩම් අක්කර භාගයක්.

4643Views

සහෝදරියන්ට පමණක් සළකන බව කියමින් පුතෙකු විසින් තම මවගේ ගෙළ මිරිකා ඝාතනය කල පුවතක් මීටියාගොඩ ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

සැකකාර පුතා සිය මවට අයත් ඉඩමක් සම්බන්දයෙන් නිරන්තරයෙන් ගැටුම් ඇතිකරගන්නා අතර පසුගිය සැප්තැම්බර් මස දිනකදීද මවට අයත් කුරුඳු අක්කර 1/2 ක ඉඩමක් තමන්ට අඩුවෙන් පවරා දුන් බව පවසමින් ගැටුමක් ඇතිකරගෙන තිබුනා.

මෙම අවස්ථාවේදී ''උඹ දුවලට විතරයි සළකන්නේ'' යනුවෙන් පවසා මවගේ ගෙල මිරිකා තිබෙනවා.එම අවස්ථාවේදී සිහිසුන්ව ඇද වැටුනු ඔහුගේ මව බලපිටිය මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා. ඒ සැකකාර තරුණයාගේ සහෝදරියක විසින්. නමුත් රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ඇය මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ති‍බෙන්නේ මැටිවල,මීටියාගොඩ ලිපින‍යේ පදිංචි සීලවතී අබේවික්‍රම නැමැති 78 හැවිරිදි මවක්. ඇයගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඇල්පිටිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරීවරයා විසින් පවත්වා තිබෙනවා.

සැකකාර පුතා ලබන නොවැම්බර් 02 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.


 

YOU MAY ALSO LIKE