Sunday, February 18, 2018
- nethgossip.lk@gmail.com

" ශ්‍රී ලංකාව සමග තරග කරන්න බෑ " විරාත් කෝලී දෙසැම්බරයේ විවාහ වෙයි , ශ්‍රී ලංකාව සමග තරඟාවලිය ක්‍රීඩා කිරීමත් ප්‍රතික්ෂේප කරලා .!

17564Views

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලි ලබන දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාව පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරඟාවලියෙන් විවේක ඉල්ලා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට ලිපියක් යවා ඇති බව ඉන්දීය මාධ්‍ය වර්තා කරනවා.
පෞද්ගලික හේතුවක් මත මෙලෙස තමන්ට ශ්‍රී ලංකා සංචාරයෙන් විවේකයක් අවශ්‍ය බව එහිදී කෝලී දන්වා තිබෙන බව සදහන්. ඒ අනුව ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරඟාවලියේදී එක් ටෙස්ට් තරඟයක්, එක්දින තරඟ තුන හා විස්සයි 20 තරඟ තුන කෝලිට අහිමිවෙනු ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා

කෝලී මෙලෙස පෞද්ගලික හේතුවක් මත යැයි පවසා විවේක ගැනීමේ අරමුණ ලබන දෙසැම්බර් මාසයේදී විවාහ වීම බවද එම ඉන්දීය මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරනවා, කෝලි හා ඔහුගේ පෙම්වතිය අනුෂ්කා ෂර්මා ලබන දෙසැම්බර් මාසයේදී විවාහ දිවියට පිවිසීමට අපේක්‍ෂාවෙන් සිටින බව සදහන්. එම නිසා ඔහු මෙසේ දෙසැම්බර් මාසයේදී තමාව ක්‍රිකට් තරග සඳහා සම්බන්ධ කර නොගන්නා ලෙස ඉල්ලා තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන ක්‍රිකට් තරඟාවලිය නොවැම්බර් 16 වැනිදා සිට දෙසැම්බර් 24 වැනිදා තෙක් පැවැත්වෙයි. මේ අතර ශ්‍රී ලංකාව හා පැවැත්වීමට නියමිත ටෙස්ට් තරඟ තුනටත්, ශ්‍රී ලංකාව හා පැවැත්වෙන පුහුණු තරඟයටත් ඉන්දීය කණ්ඩායම තෝරාගැනීම සඳහා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය අද (23දා) රැස්වීමට නියමිත බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුනා. ඒ අනුව එම තරගාවලියට විරාත් කෝලී තෝරා නොගනු ඇත. විරාත් කෝලීගේ ප්‍රියතම ප්‍රතිවාදීයා ශ්‍රී ලංකාව වන අතර ඔහූ වැඩිම ශතක ප්‍රමාණයක් රැස් කර තිබෙන්නේද ශ්‍රී ලංකාවට එරෙහිවය.

 


 

YOU MAY ALSO LIKE