Friday, November 24, 2017
- nethgossip.lk@gmail.com

ඉන්ෂුවරන්ස් ක්ලෙම් ගන්න ගිහින් කට්ට කාලා ඇති වෙලාද? - පියවර දෙකෙන් එවෙලේම සල්ලි ගන්න පුළුවන් අලුත්ම ක්‍රමේ මෙන්න

10946Views

වාහනයක් පදින හැමෝටම නීතියෙන් අනිවාර්යය කරලා තියෙන දෙයක් තමයි වාහන රක්ෂණාවරණය. බොහෝ දෙනා පූර්ණ වාහන රක්ෂණ ආවරණයක් ලබා ගන්නේ නෛතික අවශ්‍යතාවයටත් වඩා මගතොටේ සිදුවන අනතුරු වලින් සිදුවන හානිය අවම කරගැනීමටයි. නමුත් වාහනයක් ගන්න බොහෝ දෙනා වැඩි මුදලක් වැයකොට පූර්ණ රක්ෂණාවාරණයක් ලබාගත්තත් බොහෝ වේලාවන්හීදී වන්දි මුදල් ලබා ගැනීම සඳහා බොහෝ වෙහසක් දැරීමට සිදුවනවා. අනතුරක් සිදුවීමෙන් පසුව රක්ෂණ නියෝජිතයන්ට දැනුම් දීමත්, එම අනතුරෙන් සිදුවූ හානිය පිලිබඳ ඇස්තමේන්තුවට අනුව වාහනය අලුත්වැඩියා කළ පසු එම ලියකියවිලි රක්ෂණායතනයට භාර දීමත්, ඉන් අනතුරුව මුදල් ලැබෙන තෙක් දින ගණනක් බලා සිටීමටත් සාමාන්‍ය ක්‍රමය යටතේ සිදුවේ.

 

බොහෝ රක්ෂණහිමියන්ට ඇති මෙම ගැටළුව සඳහා පළමුවරට විසඳුමක් ලබාදීමට ජනශක්ති සමාගම සමත් වී තිබෙනවා. ඒ පියවර දෙකකින් අතට වන්දි මුදල් ලබා ගැනීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීම මගිනුයි. මෙමගින් සරල පියවර දෙකක් මගින් ලියකියවිලි නොමැතිව, ප්‍රමාදයකින් තොරව එවලේම අතට වන්දි මුදල් ලබාගනීමේ හැකියාව ලැබේ.

පළමු පියවර - තක්සේරුව

අනතුර පිළිබඳව ජනශක්ති රක්ෂණ ආයතනයට දැන්වීමෙන් පසු, ජනශක්ති ආයතනයේ තක්සේරුකරුවෙකු පැමිණ එම අනතුරට අදාලව හිමිවන වන්දි මුදලේ ඇස්තමේන්තුවක් ලබාදෙයි.

දෙවන පියවර - ATM එකෙන් අතට සල්ලි

එම ඇස්තමේන්තුව රක්ෂණ හිමියා පිළිගන්නේ නම්, ජනශක්ති විසින් SMS හරහා PIN අංකයක් ලබා දෙනු ඇත. එම PIN අංකය සහ ජාතික හැඳුනුම්පතේ විස්තර ඇතුලත් කොට ATM මඟින් පහසුවෙන්ම වන්දි මුදල් ලබාගත හැක.

ජනශක්ති සමාගම විසින් “High Speed Claim” යනුවෙන් හඳුන්වා ඇති මෙම සේවාව මගින් රථ වාහන වන්දි මුදල් ලබාගැනීමේ සිදුවන අපහසුතා මගහැර රක්ෂණ හිමියන්ට කරදරයකින් තොරව වන්දි මුදල් ලබාගැනීමේ හැකියාව ලබා දී තිබේ. එමෙන්ම මෙම හඳුන්වාදීම රක්ෂණ ක්‍ෂේත්‍රයේද විපල්වීය වෙනසක් ලෙස මේවනවිටත් කතා බහට ලක්ව තිබේ. 

YOU MAY ALSO LIKE