Friday, November 24, 2017
- nethgossip.lk@gmail.com

‌" දුව රණවිරු බිරිඳක් , මහත්තයා නැතුව දුව විඳින වේදනාව උහුලන්න බෑ " සිරගත කර සිටින නාවික හමුදා හිටපු බුද්ධි ප්‍රධානි කමාන්ඩර් සුමිත් රණසිංහ ගේ නැන්දණිය සිය දිවි නසා ගනී .!

4416Views

මේ වන විට බන්ධනාගාරගත කර සිටින  නාවික බුද්ධි ප්‍රධානියකුව සිටි කමාන්ඩර් සුමිත් රණසිංහ මහතාගේ නැන්දණිය සිය දිවි නසාගෙන තිබෙන බව වාර්තා වෙනවා.

රණවිරු බිරිඳක වූ තම දියණිය සැමියා රිමාන්ඩ් වීම නිසා විඳින වේදනාව දරාගත නොහැකිව කමාන්ඩර් සුමිත් රණසිංහ මහතාගේ නැන්දණිය වූ ආර්. මේරි මාතාව පෙරේදා (12 දා) රාත්‍රි මෙලෙස සිය දිවි නසාගෙන තිබෙන බව සදහන්.

වැල්ලවත්තේදී තරුණයන් පස්‌දෙනකු ඇතුළු පුද්ගලයන් එකොළොස්‌ දෙනකු පැහැරගෙන ගොස්‌ ඝාතනය කළේ යෑයි කියන චෝදනාවක්‌ මත නාවික හමුදා බුද්ධි අංශයේ කමාන්ඩර් සුමිත් රණසිංහ මහතා ඇතුළු සෙබලුන් හය දෙනෙක්‌ දැනට රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටිති.

නාවික හමුදා හිටපු මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් ඩී. කේ. පී. දසනායක ද එසේ බන්ධනාගාරගත කර සිටින අතර ඔවුන් එසේ රිමාන්ඩ් කර මේ වන විට මාස අටක්‌ ද ඉක්‌ම ගොස්‌ තිබෙන බවද වාර්තා වේ.

සැමියා රිමාන්ඩ් කිරීම නිසා දරු දෙදෙනකු සමඟ දියණිය විඳින දුක පිළිබඳ දැඩි වේදනාවකින් පසුවූ ඇය පෙරේදා (12 දා) රාත්‍රි ගිරිඋල්ල නිවසේ ගෙවත්තේ පිහිටි ළිඳට පැන සිය දිවි නසාගෙන ඇතැයි පවුලේ ඥතින් මාධ්‍යයට පවසනවා.

සුමිත් රණසිංහ ඇතුළු පිරිසගේ නඩුව ඉකුත් 10 වැනිදා විභාගයට ගත් අවස්‌ථාවේ ඔවුන්ට ඇප ලැබෙනු ඇතැයි මියගිය මව දැඩි බලාපොරොත්තුවෙන් සිටි බව ඔහු වැඩි දුරටත් සඳහන් ක‍ර තිබෙනවා.

 

- මුද්‍රිත මාධ්‍ය වාර්තා ඇසුරිනි -

YOU MAY ALSO LIKE