Friday, November 24, 2017
- nethgossip.lk@gmail.com

ලෝක දියවැඩියා දිනය අදයි...!! මේ රෝග ලක්ෂණ ඇත්නම් ඔබත් අදම වෛද්‍ය උපදෙස් පතන්න. මේ ඔබගේ නිහඬ මාරයා විය හැකිය..!!

2211Views

වර්තමාන සමාජයේ කිසිඳු වයස් භේදයකින් තොරව, තරාතිරමකින් තොරව බොහෝ දෙනෙකු දියවැඩියා රෝගයෙන් පෙළෙනවා.බොහෝදෙනා බියක් දක්වන දියවැඩියා රෝගය උස්සන්න වීමෙන්  හෘද රෝග, වකුගඩු රෝග මෙන්ම පෙනීමේ දුරවලතාද ඇතිවෙන්න පුළුවන්. එසේම අත් පාවල තුවාල ඇතිවීමෙන් පසු ඒවා දීර්ඝ කාලීනව සුව නොවී පසුව අත්වල ඇඟිලි සහ පාදවල ඇඟිලි කපා දමන්නට සිදු වූ අවසාතාද දැනගන්නට ලැබෙනවා.

මෙවැනි බොහෝ භයානක ප්‍රතිඵලයන් ඇති කරන දියවැඩියාව නිසා බොහෝ දෙනා මානසික වැටීම්වලට ලක්ව තිබෙනවා. නමුත් දියවැඩියාව පාලනය කරගත හැකි ක්‍රම ඕනෑතරම් බටහිර වෛද්‍ය විද්‍යාවතුල මෙන්ම දේශීය වෛද්‍ය විද්‍යාවතුලද තිබෙනවා. අදට(14) යෙදෙන ලෝක දියවැඩියා දිනය නිමිත්තෙන් අප ඔබව දැනුවත් කරන්නේ දියවැඩියා රෝගයේ මූලික ලක්ෂණ කිහිපයක්.


අධික පිපාසය සහ සෑම විටම මුත්‍රා කිරීමට අවශ්‍ය වීම

මෙය දියවැඩියාව රෝගයේ රෝග ලක්ෂණ වලින් එක් විශේෂ රෝග ලක්ෂණයකි. ඔබගේ රුධිරයේ අතිරික්ත ග්ලූකෝස් ප්‍රමාණයක් තිබේනම් ඔබට අසාමාන්‍ය පරිදි පිපාසයක් දැනෙන අතර නිරන්තරයෙන් මුත්‍රා කිරීමටද අවශ්‍ය වේ. මෙම තත්වය ඇති වූ විට වකුගඩු මගින් සීනි පෙරා ගැනීමට අමතර ශක්තියක් යොදවන බැවින් ඔබට සෑම විටම මුත්‍රා කිරීමට අවශ්‍ය වේ. මේ ආකාරයට විශාල ප්‍රමාණයකින් මුත්‍රා පිටවීම මගින් ශරීරය වියලෙන නිසා අධික පිපාසයක්ද ඇති වේ.

ශරීරයේ බර ක්ෂණිකව අඩුවීම සහ විශාල කුසගින්නක් දැනීම

ඔබ බර අඩුකරගැනීම සදහා සිදුකරන ව්‍යායාම සහ කෑම පාලනයන් වැනි කිසිවක් නොකර සුළු කාලයක් තුල ඔබගේ ශරිරයේ බර අඩු වූවානම් ඔබ ඒ පිලිබදව සැලකිලිමත් විය යුතුය. මාස හයක කාලයක් තුල ඔබගේ ශරීරයේ බර 5% අඩු වූවානම් ඔබ වෛද්‍යය උපදෙස් ලබාගත යුතුවේ.

නිදන්ගත තෙහෙට්ටුව

ඔබට සෑම අවස්තාවකදීම විඩාවක් දැනෙනවානම් එයට හේතුව වන්නේ ඔබ සෑම විටම මුත්‍රා කරන නිසා ඔබගේ ශරීරය වියලීමයි. ඔබ එසේ නොකරනවානම් ඔබගේ ශරීරය තුල ශක්තිය ලබාගැනීම සදහා සීනි පාලනය කිරීමේ ගැටළුවක් ඇත. මෙයද දියවැඩියාවේ එක් රෝග ලක්ෂණයකි.

පෙනීම දුර්වලවීම/ඇස් බොඳවී පෙනීම

ඔබගේ ඇස් යම්කිසි අවස්ථාවන්හි බොදවනවානම් එයට හේතුව වන්නේ ඔබගේ රුධිරයේ ඇති අධික ග්ලූකෝස් ප්‍රමාණයයි. මෙහිදී පටක තුල ඝණ රුධිරය පිරීම මගින් ඇස් නිසියාකාරව නාභිගත නොවීම මගින් සමහර අවස්ථාවන්හිදී පෙනෙන දෑ බොදවනු ලැබේ.

තුවාල සුව වීම ප්‍රමාදවීම

තුවාල සෑදුනු විටදී අසාමාන්‍ය ආකාරයට තුවාල සුවවීමට වඩාත් කාලයක් ගත වන්නේ නම් මෙයද දියවැඩියාව රෝගයේ එක් රෝග ලක්ෂණයකි. රුධිරයේ ඇති අධික සීනි ප්‍රමාණය තුවාල සුවවීමේ ක්‍රියාවලිය සදහා බාධා ඇතිකරනු ලබයි.

නිරන්තරයෙන් ආසාදන ඇති වීම

නිරන්තරයෙන් විවිධ වූ ආසාදනයන් ඇතිවීම මගින් දියවැඩියාව රෝගයේ රෝග ලක්ෂණ පෙන්නුම් කරනු ලබන අතර කාන්තා දියවැඩියා රෝගීන්ට මුත්‍රාශයේ සහ යෝනියේ ආසාදන ඇතිවේ.

අත් සහ පාදවල හිරිවැටීම. දැවිල්ල සහ වේදනාව ඇති වීම

මෙම රෝග ලක්ෂණද ඇතිවන්නේ රුධිරයේ අධික සීනි සාන්ද්‍රණය නිසා ස්නායු හානිවීම මගින්ය.

සමෙහි ඇතිවන ආසාත්මිකතාවයන්

දියවැඩියාව රෝගයේ තවත් එක් රෝග ලක්ෂණයක් වන්නේ සම මත බිබිලි සෑදීම. කබර දැමීම හෝ ඛෙල්ල අවට සහ කිහිල්ල යට කළු වීම වැනි තත්වයන් ක්ෂණිකව සම මත ඇති වීමයි.

(තොරතුරු අන්තර්ජාලය ඇසුරින්)

diabetic සඳහා පින්තුර ප්‍රතිඵල

YOU MAY ALSO LIKE