Friday, November 24, 2017
- nethgossip.lk@gmail.com

ශ්‍රී පාද අඩවියෙන් රාවණාගේ මැඩිල්ලා මතුවෙයි...! (PHOTOS)

5165Views

ශ්‍රී පාද අඩවියෙන් ලෝකයේ මෙතෙක් හමු නොවූ නවතම සර්ප විශේෂයක් සොයා ගැනීමට පරේයෂක කණ්ඩායමක් සමත්වී ඇත.

ශ්‍රී පාද කූඨයෙහි බටහිර බෑවුම් පෙදෙසින් පමණක් මෙතෙක් හමුවී ඇති මෙම සර්ප විශේෂය ලේ මැඩිල්ලන් විශේෂයක් වන බවත් එම විශේෂය ඇස්පිඩුරා රාවණයි ,එනම් රාවණාගේ මැඩිල්ලා ලෙසින් නම් කර ඇති අතර සත්ත්ව විද්‍යා ලෝකය මෙය නිළ පිලිගැනීමකට ලක් කර පරේයෂණ පත්‍රිකාව පෙරේදා ප්‍රකාශයට පත්වූ zootaxa  ජාත්‍යන්තර සඟරාවේ පළවිය.

ඇස්පිඩියුරා ගණයේ සර්පයින් ,ලේ මැඩිල්ලන් ලෙසින් හැඳින්වෙන අතර ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වෙයි.ඒ අනුව ශ්‍රී පාද අඩවියෙන් හමු වූ මෙම සර්පයාද ශ්‍රී ලංකාවට ආවේණික සර්ප විශේෂයකි.මෙම සොයාගැනීමත් සමග ශ්‍රී ලංකාවට ආවේණික සර්ප විශේෂයන්ගේ සංඛ්‍යාව 51 බවට පත්ව තිබේ..දැනට ලංකාවේන් හමුවී ඇති සර්ප විශේෂ සංඛ්‍යාව 104කි.

සමණළ කන්ද ආශ්‍රීත උරග සහ උභය ජීවි විවිධත්වය පිළිබඳව සිදු කරන ලද අධ්‍යනයකදී මුලින්ම මෙම රාවාණාගේ මැඩිල්ලන් පරේෂකයන්ට හමුව ඇති අතර 2013 වසරේ ඇලෙක්සැන්ඩර් පයිරන් ඇතුලු පරේෂකයන් මෙම සර්ප විශේෂය ඇස්පිඩුරා එනම් ලේ මැඩිල්ලන් විශේෂයක් බන මූලිකව හඳුනා ගැණුන අතර ඉන්පසුව ඒ පිළිබඳ වැඩිදුර අධ්‍යනයන් සිදුවිය.


 

YOU MAY ALSO LIKE