Friday, November 24, 2017
- nethgossip.lk@gmail.com

සූරියවැව රෝහලේ පවුල් සෞඛ්‍ය ‍සේවිකාවක් අවුරුදු හතරක් හොර රහසේම කරපු දේ.. දේශපාලන පක්ෂයක අයත් නිල නිවසට ගෙන්නගෙන. දේශපාලන හයියෙන් නිළධාරීන්ටත් බාධා.

6742Views

සූරියවැව රෝහලේ සේවය කරන පවුල් සෞඛ්‍ය ‍සේවිකාවක් අවුරුදු හතරක් තිස්සේම සිදුකල ක්‍රියාවක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වෙනවා. ඇය මෙලෙස සිදු කර ඇත්තේ තමන්ගේ නිල නිවසට රෝහලේ ප්‍රධාන ජල මාර්ගයෙන් හොර රහසේම ජලය ලබාගැනීමයි. පසුව රෝහලේ පරිපාලන අංශය මේ පිළිබඳව දැනගැනීමත් සමඟ එම නිවස සඳහා ලබා දී තිබූ ජල සැපයුම විසන්ධි  කර තිබෙනවා. එසේම මෙම පවුල් සෞඛ්‍ය ‍සේවිකාව එක්තරා දේශපාලන පක්ෂයක වෘත්තීය සමිතියක ක්‍රියාකාරී සමාජිකයකු වන බැවින  එ ඔස්සේ රෝහල් පරිපාලනයටද බලපෑම් එල්ල කර ඇති බව සඳහන්.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සූරියවැව රෝහලේ දිස්ත්‍රික්ඒවෛද්‍ය අධිකාරීවරයාගෙන් විමසූවිට ඔහු සඳහන් කලේ මෙවැනි අදිිහසක්.

‘‘අවුරුදු හතරකට ආසන්න කාලයක් තිස්සේ රෝහලේ ප්‍රධාන ජල සැපයුමෙන් ජලය ලබාගෙන තිබෙනබව දැනගත් පසු මා එය විසන්ධි කිරීමට කටයුතු කරා.මෙම පවුල් සෞඛ්‍ය සේවිකාව රෝහල තුල තිබෙන නිල නිවස භාවිතා කරමින් එක්තරා දේශපාලන පක්ෂයක ප්‍රවර්ධන කටයුතුත් මේ තුලම පවත්වාගෙන යනවා. ඊට අමතරව ඒ සම්බන්ධයෙන් වන විවිධ පිරිස්ද නිතරම රෝහල තුල තියෙන මේ නිල නිවසට පැමිණෙනවා. මා අවස්ථා කිහිපයකදීම ඇයට අවවාද කිරීම් පවා කළා. නමුත් ඇය එය කිසිඳු සැළකිල්ලකට ගන්නෙ නෑ.

එක්තරා දේශපාලන පක්ෂයක වෘත්තීය සමිති නායිකාවක් ලෙස ඇය කටයුතු කිරීම නිසා ඒ හරහා රෝහල් පරිපාලනයට පවා විවිධ බලපෑම් එල්ල කරමින් තිබෙනවා.එමෙන්ම මෙම පවුල් සෞඛ්‍ය සේවිකාවට  වාර්ෂිකව ස්ථාන මාරු නියෝග අනුව 2017.10.07 වන දින සූරියවැව රෝහලේ සිට කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත මුදාහැර ඇතත් ඇය තවම එම ස්ථානයට නොගොස් සූරියවැව රෝහලටම පැමිණීමටම උත්සාහ කරමින් සිටිනවා.

ඇය වසර දහයක පමණ කාලයක් සූරියවැව රෝහලේ සේවය කර තිබෙනවා.ඒ වගේම අදාල නිල නිවසේ විදුලි බිල පවා ඇය දිගින් දිගටම නොගෙවීම හේතුවෙන් පසු ගිය දින එහි විදුලිය විසන්ධි කිරීමට පවා විදුලිබල මණ්ඩලය කටයුතු කර තිබුනා.‘‘

YOU MAY ALSO LIKE