Monday, September 24, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

" ඒ අංකල් ගැන තාත්තට කියන්න එපා" තාත්තා නැති වෙලාවට ගෙදරට එන අමුත්තා ගැන තාත්තාට කියපු නිසා , තමන්ගෙම පුතුට පහර දුන් අම්මා .!

5599Views

තමන්ගේම දරුවාට කෘර ලෙස පහර දී වද හිංසා කළ මවක් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා. ඒ වැලිගම ප්‍රදේශයෙන්, වාර්තා වන අන්දමට සිදුවීම සැකෙවින් මෙසේය.

මෙම දරුවාගේ පියා නොමැති අවස්තාවල වෙනත් පුද්ගලයෙකු මව හමුවීමට නිතරම නිවසට පැමිණ තිබේ.
නමුත් මේ පිළිබදව පියාට නොපවසන ලෙස මෙම මව විසින් දරුවාට දැඩි ලෙස තර්ජනය කර ඇත.
කෙසේ වෙතත් පියා නොමැති අවස්තාවල නිවසට පැමිණෙන මෙම අමුත්තා පිළිබදව  පියාට දැන්විය යුතුමයි සිතා  වයස අවුරුදු 10 ක්‌ වූ මෙම දරුවා සි‍ය පියාට ලිපියක් ලියා මව පිළිබදව සම්පූර්ණ විස්තරයම පියාට දන්වා තිබේ.

දරුවාගේ ලිපිය කියවූ පියා , මේ පිළිබදව සිය බිරිඳගෙන් ප්‍රශ්න කොට ඇති අතර සැමියා තමන්ගේ රහස දැනගත්තේ තම දරුවා හරහා බව මෙම කාන්තාවට වැටහී තිබෙනවා.

ඉන් පසුව සැමියා නිවසේ නොමැති අවස්තාවක මෙම කාන්‍තාව විසින් දස හැවිරිදි තමන්ගේම පුතුට මෙලෙස කෘර අන්දමින් පහර දී හිංසා කර තිබෙන බව සදහන්. 
සිදුවීම පිළිබදව නිවසට පැමිණි පසු දැන ගන්නා දරුවාගේ පියා , සිය බිරිඳට එ‍රෙහිව පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව පොලිසීය විසින් මෙම 45 හැවිරිදි කාන්තාව අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදා හැර තිබෙනවා.
 


 

YOU MAY ALSO LIKE