Thursday, December 14, 2017
- nethgossip.lk@gmail.com

" පහර දුන්නේ කඩු පොලු රැගත් මුහුණු ආවරණය කර ගත් පිරිස් , ප්‍රදේශයටම පොලිස් ඇඳිරි නීතිය , විශේෂ කාර්ය බළකායේ බළ ඇණි ගිංතොටට" ගිංතොට සිදුවීමේ සම්පූර්ණ විස්තරය .!

10638Views

ගාල්ල ගිංතොට ප්‍රදේශයේ ඊයේ රාත්‍රී (17) ඇතිවු ගැටුමකින් එම ප්‍රදේශයේ කඩ සහ නිවාස කිහිපයකට දැඩි අලාභහානි සිදුවී ඇති බව වාර්තා වනවා.

පිටතින් පැමිණි පුද්ගලයන් පිරිසක් විසින් රාත්‍රීයේ පැමිණ මෙම පහරදීම සිදුකර ඇතැයිද  පහරදීමට පැමිණි ඇතැම් පුද්ගලයන් මුහුණු ආවරණය කරගෙන සිටි බව ද මෙම සිදුවීම පිළිබදව පොලිසීය ප්‍රකාශ කරන බව  මුද්‍රිත මාධ්‍ය සදහන් කර තිබුනා.

⁣පහර දීමට ස්වල්ප වේලාවකට පෙර ගිංතොට ප්‍රදේශයේ වෙඩි ශබ්ද ඇසුණු බවත් එම වාර්තා වල වැඩි දුරටත් දැක්වෙනවා.  මෙම සිදුවීම නිසාම හෙට (19 වැනිදා) පෙරවරු 9.00 දක්වා ගිංතොට ඇතුළු ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇඳිරිනීතිය පනවා තිබේ. කුරුඳුවත්ත, මහ හපුගල, වැලිපිටිමෝදර, උක්වත්ත සහ පියදිගම ග්‍රාමසේවා වසම් වලට මෙම ඇඳිරිනීතිය බලපැවැත්වේ.

ඇති වී තිබෙන තත්ත්වය සමථයකට පත් කිරීම සඳහා සඳහා විශේෂ කාර්ය බලකාය සහ විශේෂ රාජකාරී යටතේ අවට පොලිස් ස්ථානවලට නිලධාරීන් යෙදවීමට කටයුතු කර ඇතැයි මාධ්‍ය කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පැවසූවේය,

අවශ්‍ය වුවහොත් සාධාරණ බලය ක්‍රියාත්මක කරන්නැයි ද ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන පිරිස්වලට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන්නැයි පොලිස්පති පූජිත් ජයසුන්දර  උපදෙස් දුන් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර වැඩිදුරටත් පවසනවා.

අනවශ්‍ය ලෙස කලබල ඇති නොකරන්නැයිද අසත්‍ය ප්‍රචාරවල හසු නොවන්නැයිද ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරන බවත් අසත්‍ය පුවත් ප්‍රචාරය කරන්නන්ට එරෙහිව ද දැඩි නීතිමය පියවර ගන්නා බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියා..

පසුගිය බ්‍රහස්පතින්දා (16) රාත්‍රී ඇතිවූ ගැටුමකින් පසු මෙම සිදුවීම ඇතිවූ බවද ප්‍රධාන මාර්ගයේ පොලිස් ආරක්ෂාව යොදවා තිබුණ ද  කඩු හා පොලු මුගුරු රැගත් පිරිස් අතුරුමාර්ග ඔස්සේ ගමන් කරමින් නිවාස රැසකට පහරදුන් බව ද මුද්‍රිත මාධ්‍ය වාර්තා කර තිබුනා.

පොලිසිය පවසන්නේ තවදුරටත් ප්‍රදේශයේ පොලිස් ආරක්ෂාව දැඩි කරමින් පවතින බවයි. මින් සුළු වේලාවකට පෙර පොලිස් විශේෂ කාර්ය බලකායේ අමතර බල ඇණි ගිංතොට ප්‍රදේශයට කැඳවූ බව ද වාර්තා වේ.

 


 

YOU MAY ALSO LIKE

 
×