Thursday, December 14, 2017
- nethgossip.lk@gmail.com

තිදරු මවකට මරු කැඳවමින් කුරුණෑගල මඟුල් ගෙදර අවමඟුලක් වූ හැටි

4420Views

කුරුණෑගල, පොල්පිතිගම, මඩහපොලයාය ප්‍රදේශයේ නිවසක පැවති මංගල උත්සවයක්දී දෙපිරිසක් අතර ඇති වූ බහින්බස්වීමක් දුර දිග යාමෙන් කාන්තාවක් මිය ගොස් තවත් පුද්ගලයින් සිව් දෙනෙක් තුවාල ලබා තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ පී.ජේ. ප්‍රේමාවතී නමැති 53 හැවිරිදි තිදරු මවක්.

පසුගිය 15 වනදා දින මියගිය කාන්තාවගේ නිවසේ මංගල සාදය පැවැත්වූ බවයි වාර්තා වන්නේ.

පවුලේ පිරිස අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම ආරවුල ඇතිවී ඇති අතර එය සමතයකට පත් කිරීමට උත්සහ කළ අදාළ කාන්තාවට පොලු පහර වැදී තිබෙනවා.

බරපතල තුවාල ලැබූ ඇය පොල්පිතිගම දිසා රෝහලට රැගෙන යන අතරතුර මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධියෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයින් සිව් දෙනෙකු එම රෝහලටම ඇතුළත් කර තිබෙනවා. ඒ අතර පිහි පහරකට ලක්වූ පුද්ගලයෙකුද සිටින බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොල්පිතිගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
 

YOU MAY ALSO LIKE

 
×