Thursday, December 14, 2017
- nethgossip.lk@gmail.com

මුහුණු පොතේ පෙම් කතාව දෙදෙනෙකුට මරු කැඳවයි - පිටු හයක ලිපියක් ලියා තරුණියක පෙමට දිවි පුදද්දී තවත් තරුණයෙක්‌ පෙමට දිරි දීමට ගොස්‌ අවසන් ගමන් යයි

5569Views

ෆේස්‌බුක්‌ සමාජ වෙබ් අඩවි ජාලය මගින් පෙම් සම්බන්ධතා පැවත්වූ තරුණියකට සහ තරුණයකුට දිවි අහිමි වීමේ සිද්ධීන් දෙකක්‌ වරකාපොල පොලිසියෙන් වාර්තා වෙයි.

ෆේස්‌බුක්‌ මගින් හඳුනාගත් පෙම්වතියක්‌ බැලීමට පූගොඩ සිට මහනුවර බලා යමින් සිටි 30 හැවිරිදි තරුණයකු ඔහු ගමන් ගත් යතුරු පැදිය වරකාපොළ මාහේන ප්‍රදේශයේදී බස්‌රථයක ගැටීමෙන් බරපතළ තුවාල ලබා මියගොස්‌ ඇති අතර ෆේස්‌බුක්‌ මගින් හඳුනාගත් පෙම්වතෙකු ගැන කලකිරුණු වරකාපොල තොලංගමුව ප්‍රදේශයේ 28 හැවිරිදි තරුණියක්‌ ගෙල වැලලාගෙන සිය දිවි නසාගැනීමේ සිද්ධියක්‌ පිළිබඳවඳ වරකාපොල පොලිසිය පරීක්‌ෂණ පවත්වයි.

සිය දිවි නසාගත් තරුණිය වරස දෙකකට වැඩි කාලයක්‌ ෆේස්‌බුක්‌ සමාජ වෙබ් අඩවි ජාලය මගින් තරුණයකු සමඟ පෙම්සම්බන්ධ තාවයක්‌ පවත්වා තිබේ. මෙම තරුණයා වසර දෙක පුරාම එකම දිනයක හෝ මෙම තරුණියට මුණගැසී නොමැති නිසා ඔහු ගැන කලකිරී පිටු හයක ලිපියක්‌ ලියා තබා ඉකුත් 14 සිය දිවි නසාගෙන තිබේ. මෙසේ සිය දිවි නසාගෙන ඇත්තේ වරකාපොල තොලංගමුව ප්‍රදේශයේ 28 හැවිරිදි තරුණියක්‌ වන විතානගේ ප්‍රභා මල්ලිකා සේනාරත්න නැමැත්තියකි.

වරකාපොල මාහේන ප්‍රදේශයේදී බස්‌රථයක ගැටීමෙන් මියගිය පූගොඩ මණ්‌ඩාවල ඉහළ ලුනුගම පදිංචි උදය කමල් මාලදෙනිය නමැති 30 හැවිරිදි තරුණයා ෆේස්‌බුක්‌ සමාජ වෙබ් අඩවි ජාලය මගින් නාවලපිටිය ප්‍රදේශයේ තරුණියක සමඟ මාස කිහිපයකට පෙර පෙම් සම්බන්ධ තාවයක්‌ ඇතිකරගෙන ඇති අතර එම තරුණියට මහනුවර දළදා මාලිගාව අසලට පැමිණෙන ලෙස දැනුම් දී ඇයට තෑගි බෝගද රැගෙන යතුරු පැදියකින් ඇය බැලීම සඳහා යමින් සිටියදී රිය අනතුරකින් මියගොස්‌ තිබේ.

මෙම මරණ දෙක සම්බන්ධ වැඩිදුර පරීක්‌ෂණ වරකාපොල පොලිසිය සිදුකරයි.


 

 

YOU MAY ALSO LIKE

 
×