Thursday, December 14, 2017
- nethgossip.lk@gmail.com

ජනපති ගැන ඇමති සුජීව දැඩි කළකිරීමෙන් -‘‘ රාජපක්ෂලත් විනාශ කරලා එක්සත් ජාතික පක්ෂයත් විනාශ කරලා 2020 එතුමන්ට විශාල බලයක් එයි කියලා එක මාධ්‍ය ආයතයනයක් දීලා තියනවා..‘‘

5588Views

ඇතැම් පිරිස්වල උවමනාවට එක්සත් ජාතික පක්ෂයේ තරුණ දේශපාලනය විනාශ කිරීමට ජනාධිපතිවරයා පංගු කාරයෙක් නොවිය යුතු බව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි.සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී ඊයේ (21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසුවේය.එමෙන්ම තමා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සම්බන්ධයෙන්  තමන් දැඩි කළකිරීමකින් පසුවන බවද මෙහිදී සඳහන් කළේය.

“මම ඇත්තටම ජනාධිපතිතුමන් ගැන ඉන්නේ විශාල කළකිරීමක. අපි එතුමන්ව පත්කළේ ජීවිතය කැප කරලා. එතුමන්ට දීලා තියෙනවා රාජපක්ෂලත් විනාශ කරලා එක්සත් ජාතික පක්ෂයකත් විනාශ කරලා එතුමන් 2020 විශාල බලයක් එයි කියලා එක ආයතනයක්. මම එතුමන්ට කතා කරලා කිවුවා මාසයකට කලින්. මේ කොමිසම දික් කරලා මොකක්ද කළේ. දික් කරගෙන දික් කරගෙන අපිට මඩ ගහනවා.

මිග් ගණුදෙනුවට කෝ ජනාධිපති කොමිසමක්. කෝ නැවු ගනුදෙනු වලට ජනාධිපති කොමිසම් කෝ අඞ්වර්ටයිසින් කොම්පැනිවලට කෝ  ජනාධිපති කොමිසම්.ජනාධිපතිතුමාට මම කියනවා එතුමගේ දරුවො වයසේ තමයි අපිත්.  එතුමා දරුවෝ ආරක්ෂා කරනවා නම් එතුමට ඊ නිව්ස් එකෙන් ගහනවනම් අපිට ගහන එකත් හොඳ නැහැ යම් මාධ්‍යයක්.

පොදු අපේක්ෂකයා විදියට එතුමා විසි දෙනෙක් අරන් එනවා කියලා 04ක් අරන් එනකොට කට්ටිය කිව්වා දෙන්න එපා කියලා. එතනදි රෝසි සේනානායක මහත්මියත් මමත් කිව්වා එතුමා තීන්දුවක් අරන් ආවා කීයක් එක්ක ආවත් මේ සටන පටන් ගමු කියලා. වරදක් තියෙනවනම් නීතිය ක‍්‍රියාත්මක කරන්න.  එතුමා  ජනාධිපතිතුමා එතකොට අපිට ඇගිලි දික්කරන්න බැහැ  හොරු අල්ලන්නේ නැහැ කියලා. එතුමන්ට පුළුවන් නම් බැදුම්කර කොමිසම දාලා ඒ සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක කරන්න ඇයි අනිත් ඒවට බැරි.

මම ජනාධිපතිතුමාට කියන්නේ. ජනාධිපතිතුමා හිතා මතාම 2008 ඉදන් හොයන්නේ නැතුව 2015 ඉදන් පටන් ගත්තා. ගහක පැළ වුණ තැන හොයන්න බැහැ මුල නැතුව.  ඉතා ලේසියෙන් කරන්න තිබුණා 2008 ඉදලා මේ බැදුම්කර කොහොමද ඇතිවුනේ කියලා හොයලා බලන්න කියලා.  ඇයි මේක කරන්න බැරි අපි මේ ගැන එතුමන්ගෙන් ඉල්ලූව. මෙතන තිබුණේ දේශපාලන වශයෙන් එක්සත් ජාතික පක්ෂය එරෙහි කුමන්ත‍්‍රණයයි. මම එක්සත් ජාතික පක්ෂයේ ඉන්නකම් ඒ පක්ෂය ආරක්ෂා කරන්න මම බැඳිලා ඉන්නවා.


 

YOU MAY ALSO LIKE

 
×