Thursday, December 14, 2017
- nethgossip.lk@gmail.com

රවී ශාස්ත්‍රිගේ ඉල්ලීමට ඉන්දීය ක්‍රිකට් ලොක්කෝ කන්දෙයි - අනිද්දා තරඟයේදී වෙන දෙයක් එළියට එයි (PHOTOS)

4804Views

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන අවසන් ටෙස්‌ට්‌ තරග දෙක සඳහා ද කොළ පැහැති වේගවත් තණතීරුවක්‌ සකස්‌ කිරීමට ඉන්දියානු ක්‍රිකට්‌ කළමනාකාරීත්වය තීරණය කර ඇතැයි වාර්තා වේ.
 
අදාළ තරගාවලියෙන් පසුව ඉන්දියාව දකුණු අප්‍රිකාවේදී ටෙස්‌ට්‌ සහ එක්‌දින තරගාවලියකට සහභාගි වන බැවින් මෙම තරගාවලිය ඊට පෙරහුරුවක්‌ වශයෙන් යොදා ගැනීමට වේගවත් තණතීරු සකස්‌ කිරීමට කළමනාකාරීත්වය තීරණය කර තිබේ.ඉන්දීය පුහුණුකරු රවී ශාස්ත්‍රීගේ ඉල්ලීමක්ද මෙයට හේතුවී තිබේ.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවැනි ටෙස්‌ට්‌ තරගය ලබන 24 වැනිදා නාග්පූර්හිදී ආරම්භ වන අතර තෙවැනි ටෙස්‌ට්‌ තරගය ලබන මස 02 වැනිදා දිල්ලි හිදී ආරම්භ වේ.

මේ අතර ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පසුගිය ජුලි මසයේදී ශ්‍රී ලංකාවේදී ආරම්භ වූ තරගාවලියේ නිමාවත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම නැගී සිටීම ආරම්භ කළ බව ශ්‍රී ලංකා පුහුණුකර නික් පෝතාස් පවසයි.

එමෙන්ම පාකිස්තාන තරගාවලියේ ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ශ්‍රී ලංකාව ජයගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමේ නැගී සිටීම පෙන්වන බවත් ඔහු සඳහන් කරයි.

“ක්‍රියාවලිය ඇත්තටම ආරම්භ වුණේ ශ්‍රී ලංකාවේදීයි.  ඉන්දියාව නැවතත් ශ්‍රී ලංකාවෙන් ගියාට පස්සේ ක්‍රියාවලිය ආරම්භ වුණා. අපි සූදානමින් හිටියේ. එවැනි දෙයක් එක් රැයකින් වෙන්නේ නෑ. අපි පාකිස්තානයට එරෙහිව හොඳ ටෙස්ට් තරග දෙකක් ක්‍රීඩා කළා. අපි ඉන්දියාවේදී හොඳින් ක්‍රීඩා කළා. නමුත් අපිට යන්න දිගු ගමනක් තිබෙනවා. මේ කණ්ඩායම අනාගතයේදී හොඳ කණ්ඩායමක් වේවි. ඒ ගැන සැකයක් නෑ.”




 

YOU MAY ALSO LIKE

 
×