Friday, February 23, 2018
- nethgossip.lk@gmail.com

සුරූපි තායි කතුන් සුපිරි ගණන් වලට විකිණිලා - සම්බාහන ආයතනයක් මුවාවෙන් පවත්වාගෙන ගිය කොල්ලුපිටියේ හයි ෆයි ගණිකා මධ්‍යස්ථානයක් වටලයි (PHOTOS)

3095Views

කොල්ලුපිටිය 203/01/01 කැමිලියා ස්පා නමින් ආයුර්වේද සම්භාහන ආයතනයක් මුවාවෙන් පවත්වාගෙන යන ලද ගණිකා මධ්‍යස්ථානයක් කොල්ලුපිටිය පොලිස්ථානය විසින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ලබා ගන්නා ලද සොදිසි වරෙන්තුවක් මත පරික්ෂා කර අත්අඩංගුවට ගෙන ඇත.

මෙහිදි මෙහිදි කාන්තාවන් 11 දෙනෙකු (තායි ලදුන් තිදෙනෙකු ඇතුළුව ) හා කළමනාකරු ඇතුළු එහි සේවය කල පිරිමි පුද්ගලයකු ඇතුළු 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකාරියන් පිලියන්දල , කළුබෝවල , තන්තිරිමලේ , ගාල්ල, දෙල්ගොඩ , මහර කඩවත, දොඩන්දූව , දෙමටගොඩ , යන ප්‍රදේශ වල පදිංචිකාරියන් වන අතර මොවුන් වයස අවුරැදු 20 - 40 අතර අයවලුන් වේ.

 මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ කොල්ලුපිටිය පොලිස්ථානය මගින් සිදුකරනු අතර මොවුන් අද (22) දින කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.