Thursday, December 14, 2017
- nethgossip.lk@gmail.com

මම ළිඳ ළඟට ඇවිල්ලා අඬ අඬා නානවා. ටික වෙලාවක් යද්දී එකපාරට ළිඳ ළඟින් ජැක්සන් මතු වුණා. මට හිතා ගන්නත් බැහැ. මම ඉපදිලා දවස් තුනෙන් මම බඳින කෙනා ගැන කියලත් තිබුනා. ඒක හරියටම හරි. - ජැක්සන් ගැන බිරිඳ කියපු කතාව.

7260Views

ජැක්සන් ඇන්තනී කියලා කියන්නේ අපේ රටේ ඉන්න ප්‍රතිභා පූර්ණ රංගන ශිල්පියෙක් වගේම අධ්‍යක්ෂකවරයෙක්,  නිෂ්පාදකවරයෙක්, ගායකයෙක්, තිරරචකයෙක්, නවකතාකරුවෙක් වගේ බොහෝ ක්ෂේස්ත්‍රයන්හි තම දක්ෂතා විහිදවූ පුද්ගලයෙක්. රිදී තිරයත්,පුංචි තරයත් එකසේ ජයගත් මේ සොඳුරු මිනිසා පිටුපස දැවැන්ත සෙවනැල්ලක් සේ සිටින ඔහුගේ ආදරණීය බිරිඳ ප‍්‍රවීණ රංගන හා ගායන ශිල්පිනීි කුමාරි මුණසිංහ සමඟ කතාබහ කලා. මේ ඇය දැක්වූ අදහස්.

කුමාරිට ජැක්සන්ව මුණගැහෙන්න කොහොමද?   
1976 වසරේ වගේ උසස් පෙළ පන්තියේ ඉගෙන ගනිද්දී තමයි  ජැක්සන්ව දකින්නේ.

 ඒ අතීතය ගැන මතක් කළොත් ?
ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයේ තමයි මං ඉගෙන ගත්තේ. හපුගොඩ ශාන්ත මරියා විද්‍යාලයේ ඉ`දලා ජැක්සන් අපේ ඉස්කෝලෙට ආවා උසස් පෙළට. පිටින් ළමයෙක් ඉස්කෝලෙට ආවම ඒ දවස්වල පොඩි පොඩි රැුග් දෙනවනේ. ඉතින්  ජැක්සනුත් ඒ දවස්වල ඒ රැුල්ලට අහුවෙලා හිටිය කෙනෙක්. අපේ පාසලේ හැම මාසයකම අන්තිම සිකුරාදා සමිතිය තියෙනවා. එක එක්කෙනා තමන්ගේ හැකියාව පෙන්වනවා. ඉතින් මමයි මගේ යාළුවයි වාඩිවෙලා ඉද්දී දැන් කෙට්ටු උස කොන්ඬේ බුසෙට හො`දට වැවිලා තිබුණ කෙනෙක්  වේදිකාවට නැඟලා ”පියාණෙනි මා නැවත උපන්නොත්” කියන  පියගුණ ගීතය හරි හැඟීගීම්බරව ලස්සනට ගායනා කළා. මං ජැක්සන්ව මුලින්ම දැකපු දවස එදා.

එදා විශේෂත්වයක් තිබුණද? කතා කරන්න අවස්ථාවක් ලැබෙනවද?
 ඇත්තටම එහෙම විශේෂත්වයක් නැහැ. මොකද අපි ඉස්කෝලේ යන කාලේ ආදරේ කළේ නැහැ. යාළු වෙන්නේ උසස් පෙළින් පස්සේ. කොහොම හරි එදා අපි එළියට  ආවම  මගේ යාළුවෙක් ජැක්සන්ගෙන් ඇහුවා අයියේ  ඔයාගේ තාත්තා නැද්ද කියලා. මමත් හිතුවේ එහෙම වෙන්නැති කියලා ඒ තරම් හැඟීම්බරව ගායනා කළා. ජැක්සන් කිව්වා නෑ නෑ ඉන්නවා කිව්වා. තාත්ත තමයි මාව සින්දු කියන්න තැන් තැන්වල එක්ක යන්නේ කියලා කිව්වා. එදා එහෙම මමත් හිතවත් වුණා. හැබැයි ජැක්සන් දවසක් සංගීත කාමරේදී මාව දැකලා තිබිලා තියෙනවා. සංගීත කාමරයේ මම බටනළා වාදනය කරද්දී ඒත් මං එයාව දැක්කේ නැහැ. මේ සිදුවීම ජැක්සන් මට කිව්වේ පස්සේ දවසක. හැබැයි එයා එදා හිතුවලූ කවදහරි මේ  කෙනා එක්ක මං හිතවත් වෙනවා කියලා විතරක්. ලස්සනයි කියලත් හිතලා තියෙනවා ඉතින්. 

කොහොමද ඒ හිතවත්කම වැඩි දියුණු වෙන්නේ?
ඊට පස්සේ දැක්කම කතා කරනවා. පස්සේ නාට්‍යවල, සින්දු කියන තැන්වල  අපි නිතර නිතර දකින්න ලැබෙනවා. පාසලේ  බිත්ති  පුවත්පතක් කළා. මං ඒකට ලිව්වා. ජැක්සන් තමයි  චිත‍්‍ර ඇන්දේ. කොහොම හරි හොඳම යාළුවෝ දෙන්නා වුණා. කිසිම දවසක අපි අතරේ සම්බන්ධයක් ඇති වෙලා මේ තරම් දුර එයි කියලා හිතුවේ නෑ. මොකද ඒ තරම් අපි යාළුකම තිබුණා මාව අඳුණගත්ත කාලේ ඒ වෙද්දී එයාට වෙන සම්බන්ධකමක් තිබිලා ඒ දේවල්වලින් හිත රැු`දිලා මට ඒ හැමදේම කියපු කාලයක් වුණා. අනික මමත් ඒ සම්බන්ධය ගොඩනගන්න ලොකු උත්සාහයක් දැරුවා ඒ දවස්වල. පාසල් වේදිකාවේ හැකියාවන් එක්ක අපිට එකට වැඩකරන්න අවස්ථාව ගොඩක් ලැබුණා. 1977 දී වගේ  උසස්පෙළින් පස්සේ මම ගම්පහ ආයුර්වේදයට ගියා ජැක්සන් කැම්පස් ගියා. ඒත් අපි නාට්‍යවලදී  නිතර මුණ ගැහුණා.
හිතවත්කම වැඩි වෙන්නේ ඒ විදියට.

කුමාරිට, ජැක්සන්ගෙන් පේ‍්‍රම ආරාධනාව ලැබෙන්නේ  කොයිතරම් කාලයක් ගත වුණාට පස්සෙද?
මේ සියලූ සිදුවීම් අතරතුර රාජ්‍ය සම්මාන හතක් දිනාගත්ත ”වාරුවෙන් යන මිනිස්සු” නාට්‍යට අපිට ආරාධනාව ලැබෙන්නේ ඊට පස්සේ. දෙන්නා දෙපැත්තක හිටියට අපි නාට්‍ය රිහසල්වලදී මුණ ගැහුණා. ජීවිතේ ගැන ගොඩක් දේවල් කතා කළා. කොහොම හරි ඒ කාලෙදී තමයි අපේ පේ‍්‍රමයට පොඩි අඩිතාලමක් වැටෙන්නේ. දුක, සතුට හැමදේම බෙදාගෙන එකට ඉදිද්දී දෙන්නට දෙන්නා නැතුව බැහැ කියන තැනට ගොඩ නැගුණා. මේක නොදැනීම ඇති වුණ ආදරයක්. එයාට කැමැතිද අහලා යෝජනාවක් ගෙනාවේ නැහැ.

දෙන්නගේ මේ පේ‍්‍රම කතාව ගෙදරින් දැනගන්නේ කොහොමද?
ආදරයයි, කැස්සයි හංගන්න බෑ කියනවනේ. ටික දවසක් යද්දී අපි දෙන්නව අහුවුණා. (සිනහවෙමින්*  ජැක්සන්ගේ අයියා සේනකට තමයි අපේ සම්බන්ධය මුලින්ම දැනගන්න ලැබිලා තිබුණේ. ඒ දවස්වල සේනක අයියා මගේ යාළුවා. මේ සම්බන්ධය ගැළපෙන්නේ නැහැ නවත්තන්න කියලා අපිට දවසක් බැන්නා. මං එදා හොඳටම අඬලා අවා. ඒත් ඉතින් පස්සේ එයාලම තේරුම් ගත්තා මේක නවත්වන්න බැහැ. මේ දෙන්නා හරියනවා කියලා අවසරය ලැබුණා. අපේ ගෙදරිනුත් එහෙමයි. අපි දෙන්නගේ සංස්කෘතින් දෙකක් වීම ඒකට ප‍්‍රධානම හේතුව වුණේ. හැබැයි ටික දවසක් යද්දී  මගේ අප්පච්චි කිව්වා තම තමන්ගේ ලේ එකට මිශ‍්‍ර වුණාම හරි නැහැ. අමිශ‍්‍ර ලේ එකට වුණාම බුද්ධිමත් දරුවෝ උපදිනවා ඒ හින්දා මං හිතනවා ඔය සම්බන්ධය සුදුසුයි කියලා කිව්වා. ඉතින් පස්සේ අම්මත් කැමැති වුණා. මං හිතන්නේ අප්පච්චිගේ අනාවැකිය අද හරියටම හරි. 1985-12-18 වෙනිදා දෙපැත්තෙම ආශීර්වාදයෙන් අපි විවාහ වුණා. එ් වාෙගේම  මේ වෙලාවෙ  මතක කරන්න  ඕනේ අපි අතරින් සේනක අයියා පසුගියදා සමුගෙන ගියා. ඔහු  අපේ පවුල් කීීපයේ්  සමගිය ගොඩනගාගෙන ඉදිරියට ගෙනියන්න එකටම හිටිය කෙනක්.

කුමාරිගේ හිතේ හිටිය සිහින කුමාරයා ලැබුණා කියලා හිතෙනවද?
හ්ම්…. ඇත්තටම අපි විවාහ වෙද්දී කේන්දර බැලූවේ නෑ. ජැක්සන්ට කේන්දරයක් තිබුණෙත් නෑ. ඒත් දරුවෝ තුන්දෙනාම ලැබුණට පස්සේ අපි කේන්දර බැලූවාම සියට අසුපහක් ගැළපෙනවා කියලා තිබුණා. හැබැයි මම ඉපදිලා දවස් තුනෙන් අපේ ලොකු අත්තා මගේ කේන්දරය බලලා ලියලා තිබුණා කවදාහරි මං විවාහ වෙන්නේ මට වඩා උගත්, බුද්ධිමත්, සිය රටේ පමණක් නොව විදේශයන්හි පවා ප‍්‍රසිද්ධ වන ආරෝහපරිණාහ දේහධාරී, ඒ වගේම බොකුටු හිසකෙස් ඇති කෙනෙක් එක්ක තමයි කියලා. ඉතින් ඒ අනාවැකිය නම් හරියටම හරි. ඒක හරිම පුදුමයි මට.

 එදා පාසල් වේදිකාවෙන් පටන් ගත්ත රංගන ජීවිතය ඒවගේම පෞද්ගලික ජීවිතේ දියුණුව ගැන  අද මොකද හිතෙන්නේ?
ජැක්සන් මේ තරම් ප‍්‍රසිද්ධවෙයි  කියලා කවදාවත් හිතුවේ නැහැ. පුදුමත් හිතෙනවා. මේක නම් වාසනා ගුණයක්ම තමයි මම හිතෙන්නේ. අපි බොහොම සාමාන්‍ය විදියට තමයි ජීවිතේ පටන් ගත්තේ. අපි දෙන්නා දියුණු වුණේ අපේ ඇස් ඉස්රහමයි. අපි දෙන්නට දෙන්නා ඒ දියුණුව දැක්කා. ඉතින් අද ඉන්න තත්ත්වය ගැන නිහතමානීව ආඩම්බර වෙන්න සතුටු වෙන්න අපි දෙන්නටම පුළුවන්.

දරුවෝ තුන්දෙනා ගැන සහ ඔවුන් අද ඉන්න තත්ත්වය ගැන මොනවගේ දෙයක්ද දැනෙන්නේ?
දරුවෝ තුන්දෙනා ගැනත් මට හරි ආඩම්බරයි. තුන්දෙනාව දකිද්දී මට වෙන මුකුත්  ඕනෑ නැහැ කියලා හිතෙනවා. මාධවී, අකිල, සජිත තුන්දෙනාම දක්ෂතා පිරිපුන් දක්ෂ දරුවෝ. ජීවිතේ වෙන මොනවත් බලාපොරොත්තුවක් නැහැ. මේ හැමදේම එක්ක සතුටින් ජීවත්වෙන්නයි දැන් මට  ඕනි. මං ජීවිතේ ගැන ගොඩක් තෘප්තිමත්.

ජැක්සන්ගෙන් දකින්න අකමැති සහ කැමැතියි දේවල් කුමාරිට තියෙනවද?
මම කාර්යබහුල වුණාම මට  නොකියම ජැක්සන් එයාගේ සමහර වැඩකටයුතු පටන් ගන්නවා. වෙන අයට කියලා වැඩ කරවගන්නවා. කලින් හැම දෙයක්ම කළේ මමනේ. ඉතින් මට ඒකට නම් දුකයි. ඒ ඇරෙන්න අනික් හැම ගතිගුණයකටම මං හරි කැමැතියි. ආදරෙයි.

කවදා හරි දක්ෂ රංගන ශිල්පිනියක් වෙනවා කියන  බලාපෙරොත්තුව එදා ඉඳන්ම තිබුණද?
රංගන ශිල්පිනියක් වෙනවා කියලා බලාපොරොත්තුවක් වුණේ නැහැ. හැබැයි මං සින්දු කිව්වා ඒ කාලේ. වේදිකා නාට්‍යවල හිටියට ටෙලි නාට්‍යකට මං මුලින් සම්බන්ධ කරගන්නේ ජෝ අබේවික‍්‍රම මහත්තයා. ඒ තමයි ”ඇසළ කළුවර” ඒ අවස්ථාවත් ලැබුණේ ජැක්සන් නිළියක් හොයනවා මේ චරිතයට ජැක්සන් ජෝ මහත්තයට කිව්වලූ නිළියක් හොයන්න  ඕනි කියලා මං වගේ කෙනෙක්. ඉතින් ඒ වෙලාවේ ජෝ මහත්තයා කියලා තියෙනවා ඉතින් කුමාරි වගේ කෙනෙක්  හොයන්නේ මොකටද කුමාරිව ගන්න කියලා. එහෙම තමයි මං ටෙලි නාට්‍යවලට එන්නේ.

කුමාරි රංගන ශිල්පිනියක් වෙනවට  කිසිම දවසක ජැක්සන්ගේ විරුද්ධත්වයක් තිබුණෙ නැද්ද?
 මුල් කාලෙදී නම් එයාගේ නාට්‍යවලින් පිට චරිතවලට යනවට අකැමැත්තක් තිබුණා. දැන්නම් ඒ ගැන කිසිම අකැමැත්තක් නෑ. මගේ රංගනය ගැන ජැක්සන් සතුටු වෙනවා.

ආදරය කරන කාලේ සිදු වුණ අමතක නොවන සිදුවීම් නැද්ද ?
අමතක නොවන සිදුවීම් නම් ගොඩක් තියෙනවා ඒ අතරින්, ජැක්සන් කැම්පස් ඉන්න කාලේ මම ආයුර්වේද ඉඳිද්දි මං කැම්පස් එකට ගියා ජැක්සන්ව බලන්න. යද්දි එයා පෙළපාළියක් මෙහෙයවන්න ලෑස්තිවෙලා ඉන්නවා දැකලා මං බය වෙලා අඬලා අඬලා කොහොමහරි එයාව එක්කගෙන ආවා. එදා ඒ වෙනුවට එයාගේ රෝහණ කියලා යාළුවෙක් තමයි පෙළපාලිය මෙහෙයවලා තිබුණේ. ඉතින් හරි අවාසනාවන්ත විදියට එයාව මරලා දාලා තිබුණා. ජැක්සන්ගේ ජීවිතේ එදා බේරුණ විදිය මට කවදාවත් අමතක වෙන්නෙ නැහැ.

තව දවසක් කෝචිචියට පනින්න හැදුව මගේ යාළුවෙක් බේරගෙන ගෙදර ගෙනල්ලා එයාට ඇඳුම් මහලා දීලා එයාව හොඳම යාළුවෙක් වගේ ආශ‍්‍රය කළා. මං ඉතින්  ඒ කාලේ ජැක්සන්ව හොරෙන් හම්බවෙන්න යන කාලේනේ යාළුවට හැමදේම කියනවා. කොහොම හරි මං ජැක්සන්ව හම්බවෙලා එද්දි අපේ අම්මා දන්නවා. ගෙදර ආව ගමන් අම්මා මට ගහනවා. මේ මොකද වෙන්නේ කියලා හොයලා බැලූවම අනේ මගේ අර යාළුවා  අපේ අම්මට කියනවා. ඒ වගේ  අකරතැබ්බ වෙලා තියෙනවා.

ගෙදරින් අකමැති කාලේ දවසක් ගෙදරින් කැමැති නැති නිසා  අපි වෙන්වෙමු කියලා තීරණය කළා. දැන් හැමදේම කතා කරලා  ගෙදරදී අඬන්නත් බෑනේ. මම ළිඳ ළඟට ඇවිල්ලා අඬ අඬා නානවා. ටික වෙලාවක් යද්දී එකපාරට ළිඳ ළඟින් ජැක්සන් මතු වුණා. මට හිතා ගන්නත් බැහැ. කොහොමහරි අපි තරහ වුණේ නැහැ මොන ප‍්‍රශ්නේ ආවත් අපි වෙනස් නොවී ඉමු කියලා ආයේ යාළු වුණා.

තව අපි යාළුවෝ වගේ ඉන්න කාලේ දවසක් මම රිහසල්වලට ගිහින් ඉන්නවා. දන්න හඳුනන කවුරුත් නෑ. පොඞ්ඩක් වටපිට බැලූවා කජු පුහුලන් පිරිලා ගහක් තිබුණා. ඒ දවස්වල මට ගස් නගින්න පුළුවන්. මං කජු ගහ උඩ ඉඳගෙන කජු කනවා. ඒ වෙලාවේ ජැක්සන් අවා. මම කළේ කජු පුහුලමකින් ගැහුවා. මම ගහ උඩ ඉන්නවා දැකලා එයාටත් හිතාගන්න බැහැ. ජැක්සන් පස්සේ කිව්වා මුලින්ම දකිද්දී අර ලස්සනට බටනළා ගහපු, තැන්පත් කෙල්ලද මේ ඉන්නේ හිතුණලූ. එදා නම් එපා වුණා කිව්වා. (සිනහවෙමින්* ඒත් පස්සේ අපේ යාළුකමට ඒවා බාධාවක් වුණේ නෑ. ඒ වගේ ගොඩක් සිද්ධි තියෙනවා.

ජැක්සන්ගෙන් කුමාරිට ලැබුණු  ජීවිතේ අමතක නොවෙන තෑග්ග  ගැන ඇහුවොත්  මොකද්ද ඒ?
මගේ දරුවෝ තුන්දෙනා තමයි මට ලැබුණු ලොකුම තෑග්ග. මේ ලෝකේ  කාන්තාවකට ලැබෙන ඉහළම තෑග්ග තමයි දරුවෝ. ඊට වඩා දෙයක් මට නම් නැහැ.

ඒ කාලේ දෙන්නගේ ඒ ආදරණිය කතාව ගැන දැන් මතක් කළොත් මොනවගේ දෙයක්ද හිතෙන්නේ ?
අපේ අදරේ බොළද ආදරයක් වුණේ නැහැ. අපි ඒ කාලේ ලියපු ලියුම් සමහර වෙලාවට අපේ දරුවොත් දැන් බලනවා. ඒවායේ අනව්‍යශ දේවල් අපි ලිව්වේ නෑ. ඒවා හරියට සාහිත්‍ය කෘති වගේ. ඒක හරි සුන්දර අතීතයක්. මගේ දරුවෝ තුන්දෙනා තමයි ජැක්සන්ගෙන් මට ලැබුණු ලොකුම තෑග්ග. මේ ලෝකේ  කාන්තාවකට ලැබෙන ඉහළම තෑග්ග තමයි දරුවෝ. ඊට වඩා දෙයක් මට නම් නැහැ.

ජැක්සන් විශ්වවිද්‍යාලයෙදි පෙළපාලියක් මෙහෙයවන්න හදනවා දැකලා මම අඬලා අ`ඩලා එයාව එක්ක ආවා. එයා වෙනුවෙට පෙළපාළිය මෙහයවපු රෝහණව අවාසනාවන්ත විදියට මරලා දාලා තිබුණා. එදා ජැක්සන් හිටිය නම් වෙන්නේ එ්ක නේද කියලා මට අදත් හිතෙනවා.

- දිල්රුක්ෂි ගේ‍්‍රරු - 
 

YOU MAY ALSO LIKE

 
×