Thursday, December 14, 2017
- nethgossip.lk@gmail.com

‘ඒ චුටී දු කියලා කතා කළේ ආත්තම්මා නේද ?‘ ‘ඔයාට පිස්සුද ආත්තම්මා කොහේද මෙහේ ? දොළොස් හැවිරිදි දැරියට පෙණුන මිත්තනියගේ හොල්මන.

4937Views

ඔබ හොල්මන් අවතාර එහෙමත් නැත්තම් ගුප්ත විද්‍යාව ගැන විශ්වාස කරනවාද..? ඇත්තටම එහෙම දේවල් තියෙනවද..? බොහෝ වෙලාවට තමන්ට ඇතිවන සමහර අසනීප යක්ෂ දෝෂයක්,ප්‍රේත දෝෂයක් කියලා ගොඩක් මානසිකව ඇද වැටෙන වෙලාවල් තියෙනවා. ඒ වගේ සිදුවීමක් අද මුද්‍රිත මාධ්‍ය වාර්ථා කරලා තිබුනා. 

මෙවැනි අත්දැකීම් වලට සමහරවිට ඔබටත් මුහුණ පාන්න සිදුවෙලා ඇති. ඒ වගේ වෙලාවට කල යුතු නිවැරදිම දේවල් පිළිබඳව ඔබ දැනගත යුතු නිසාම අප මේ පිළිබඳව සටහන් කරන්නට කල්පනා කලා.

 තම දියණියට දින කිහිපයක සිටම තමන්ගේ මිත්තනිය පෙනෙන බව ප්‍රකාශ කිරීමත් සමඟ මෙම කතාව ආරම්භ වෙනවා. ඇයගේ මිත්තනිය නිවසේ නොසිටියද මෙලෙස නිරන්තරයෙන්ම තම මිත්තනිය පෙනුනේ ඇයි..? මේ කතාව සම්පූර්ණයෙන්ම බැලුවොත් ඇත්තම කතාව ඔයාට තේරුම් ගන්න පුළුවන්.

‘ඒ චුටී දු කියලා කතා කළේ ආත්තම්මා නේද?‘ දොළොස් හැවිරිදි නිලුපුලී සිය මවගෙන් අසා සිටියාය.

‘ඔයාට පිස්සුද ආත්තම්මා කොහේද මෙහේ?‘ ‘ආත්තම්මා ගමේ ගිහින් දැන් මාසෙකටත් වැඩියිනේ‘. මව එක්වරම කීවාය.

 ‘ඒකනේ අම්මේ පුදුමේ කියන්නේ ඒත් මට ආත්තම්මා චුටි දුවේ කියලා කතාකරනවා සැරි සැරේ ඇහෙනවානේ. ඒ මදිවට ඊයේ මම ආත්තම්මා හිටපු කාමරයට යන කොට එයා ඇදේ නිදාගෙන ඉන්නවා වගේත් දැක්කා.‘

‘කොහොමද අම්මේ එහෙම වෙන්නේ? ‘ නිලුපුලී නැවත අසා සිටියාය.

කෙසේ හෝ ඇය තුළ පවතින මෙම හැසිරීම පිළිබඳව ඇගේ දෙමාපියන් සේම වැඩිමල් සොයුරිය තුළ වුයේද සුවිසල් විස්මයකි.

හොල්මන් අවතාර ආදී වශයෙන් ස්වභාවිකත්වයෙන් තොර දෑ දර්ශනය වන බවට විශ්වාසයක් අප ජන සමාජය තුළ තිබේ. එහෙත් එසේ හොල්මන් අවතාර වශයෙන් රූප දිස්වන්නේත් කටහඬවල් ඇසෙන්නෙත් මිය ගිය වුන්ගේ පමණි. එවන් තත්වයක් තුළ නිලුපුලීට කලින් තම නිවසේ ජීවත් වී සිය මහගෙදර පදිංචියට ගිය මිත්තනියගේ රූපය සහ කටහඬ දර්ශනය වූයේ කෙසේ ද?

කෙසේ හෝ මෙම තත්වය නිලුපුලී කෙරෙහි කෙමෙන් බල පැවැත්වෙන අතරේ ඇගේ පාසල් ජීවිතයේ කටයුතු සේම එදිනෙදා කටයුතු වලටද කෙමෙන් බාධා පැමිණෙන බව පවුලේ සෙසු අයටත් වැටහිණ. එමෙන්ම නැවත සිය මිත්තණිය තමන් වෙතට ගෙනවුත් දෙන ලෙස හඬා වැටෙන්නට වූ නිලුපුලී ඉන් පසු කෑම බීම පවා සීමා කොට ඉමහත් දුකකින් මෙන් බලා ගත් අතම බලා සිටින්නට වූවාය.

ඒ අතරේ නුරුස්සන සුළු බවක් අගෙන් පළවූ අතර කලින් පැවැති කීකරු බවද නිලුපුලී කෙරෙන් දුරුව යන අයුරු වැඩිහිටියන්ට වැටහුණි.

නමුත් ඒ වන විට නිලුපුලීගේ මවගේ බාල සොයුරු විදෙස්ගතවූ නිසා මහගෙදර භාරකාරත්වයට කිසිවෙකු නොමැති වීමත් ඒ හා සම්බන්ධ ඉඩකඩම් පාලනයට කිසිවෙකු නොමැති වීමත් මත නිලුපුලීගේ මිත්තණියට නැවත නිලුපුලී සමීපයට ඒමේ හැකියාවක් නොතිබිණ.

කෙසේ හෝ ඒ කරුණ මුල් කොට නිලුපුලීගේ මානසික සෞඛ්‍ය ශීඝ්‍රයෙන් බිඳවැටෙන බව වැඩිහිටියන්ට වැටහුණි.

නිලුපුලි මනෝ වෛද්‍ය වරයෙකු හමුවට පත් කරවන ලද්දේ මෙම පසුබිම යටතේය.

මෙහිදී නිලුපුලී මුහුණ දෙන වත්මන් තත්වය සහ ඇය කෙරෙන් දක්නට ලැබෙන ලක්ෂණ පිළිබඳ විමසා ඇගේ දෙමාපියන්ගෙන්ද ඒ පිළිබඳ කරුණු විමසූ මනෝ වෛද්‍යවරයා ඇයට වියෝග කාන්සාව (Separation anxiety)  නම් රෝගී ලක්ෂණ ඇතැයි නිගමනය කළේය.

කුඩා කල සිටම සිය මිත්තණිය කෙරෙහි දැඩි ඇල්මකින් සහ බැඳීමකින් කටයුතු කළ නිලුපුලීගේ එදිනෙදා ජීවිතයේ බොහෝ අවශ්‍යතා ඉටු කරන ලද්දේ ද ඇගේ මිත්තණිය විසිනි.

එහෙත් හිටි හැටියේ මිත්තණිය අගෙන් වෙන්වී යාමත් සමඟ නිලුපුලීගේ සිතට තුළ දැඩි කම්පාවක් ශෝකයක් හට ගෙන ඇති අතර එය මෙවන් අවස්ථාවල අසමාන්‍ය වියෝ ප්‍රතිචාර (Abnormal Grief Reaction) එළි දැක්වීමක් ලෙසද නිරූපණය විය හැකි බව වෛද්‍යවරයාගේ නිගමනය විය.

එමෙන්ම ඒ වන විට විශාද රෝගී තත්වයටද පත් වී සිටි නිලුපුලී සඳහා විශාද විරෝධී ඖෂධ නියම කළ වෛද්‍යවරයා කුඩා කාලයේ තිබූ සම්පුර්ණ වැඩිහිටි ආඥාදායකත්වය වෙනුවට තම ජීවිතයේ එදිනෙදා කටයුතු  සම්බන්ධ තනි තීරණ ගැනීම ඇරඹීමට මෙම වයස සුදුසු බව පවසා ඒ සඳහා ඥානක, චර්යාත්මක ප්‍රතිකාර (Cognitive Behavioral Theraty) පද්ධතියක්ද නියම කරන ලදී.

මිත්තණියගේ වෙන් වීමෙන් ඇතිවූ මායා රූප මැවීම මුල් කොට ගත් නිලුපුලීගේ මානසික ව්‍යාකූලත්වය මුළු මනින්ම දුරුවන ලද්දේ ඉන්පසුවය.

- දමයන්ති ගමගේ ලක්බිම පුවත්පතේ ‘‘සහන් එළිය‘‘ අතිරේකය ලියන ලද ලිිපියක් -

 

YOU MAY ALSO LIKE

 
×