Thursday, December 14, 2017
- nethgossip.lk@gmail.com

වෙරළාශ්‍රිත ජනතාව කළබල වෙන්න එපා..! කිසිඳු අනතුරක් නෑ. විදෙස් මාධ්‍යත් සඳහන් කරයි. (PHOTOS)

1765Views

රිච්ටර් මාපාංක 5.5ක ප්‍රබලත්වයෙන් යුතුව උතුරු ඉන්දියාවේ උත්තරාකාන්ද් ප්‍රදේශයට ඇති වූ භූමිකම්පාව තුලින් ශ්‍රී ලංකාවට කිසිඳු බලපෑමක් ඇති නොවන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

මෙම භූමි කම්පාව‍ එරට වේලාවෙන් ඊයේ (07) රාත්‍රී 8.45ට පමණ සිදුවී ඇති බවයි ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙන්නේ.එසේම මෙම කම්පනය දිල්ලි නගරයටද දැනී තිබුනද මෙමගින් කිසිඳු ජීවිත හෝ දේපල හානියක්  සිදුව නොමැති බව විදෙස් මාධ්‍ය වාර්ථා කරනවා.

නමුත් පසුගිය දින වල ශ්‍රී ලංකාවේ උතුරු වෙරළ තීරයේ ඇතිවූ වෙනස්කම් සහ සමාජ ජාලාවල පැතිර ගිය කටකතාත් සමඟම මෙවැනිම භූ කම්පනයක් සිදුවීමතුල උතුරේ ධීවරයින් කළබලයට පත්ව තිබුනා. 

නමුත් මෙම භූමි කම්පාව නිසා කිසිඳු සුනාමි අනතුරක් ඇති නොවන බවද විදෙස් මාධ්‍ය  කාළගුණ අනාවැකි පළකර තිබුනා.


 

එසේම පසුගිය පැය 24 තුල ඉන්දියාව සහ ඒ අවට රටවල් වල සුළු භූ කම්පන තත්ව ඇතිව තිබෙන අතර මෙහි තැඹිලි පැහැයෙන් දැක්වෙන්නේ පසුගිය පැය 24 තුල ඇති වූ භූකම්පනයි.කහ පැහැයෙන් දැක්වෙන්නේ පසුගිය සතිය තුල ඇති වූ භූ කම්පනයි.

 

YOU MAY ALSO LIKE

 
×