Thursday, December 14, 2017
- nethgossip.lk@gmail.com

"තපස්සු භල්ලුක වෙන්න එපා..ඊයේ බලන් හිටියා" - ඉන්දියාව ඉදිරියේ ලංකාවේ ගරුත්වය රැකදුන් ධනංජයට පණිවිඩයක් 

සුගත් ධර්මප්‍රිය

11557Views

ඉන්දියාවට එරෙහිව පැවැති තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (06) සමත් වුණා.

ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 119 ක් එහිදී රැස්කළා.

ලකුණු 410 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම  දිනය අවසන් වන විට කඩුලු 5 ක් පමණක් දැවී ලකුණු 299 ක් ලබා ගැනීමට සමත්වුණා.


මෙම තරගයෙන් අනතුරුව ධනංජය ද සිල්වාගේ ඉණිම තමන් දුටු ආකාරය පිළිබඳව ශ්‍රී ලාංකේය කලාකරුවකු වන බුද්ධික ජයරත්න ෆේස්බුක් සටහනක් තබා තිබෙනවා.

එහි දැක්වෙන්නේ 'තවත් තපස්සු භල්ලුක කෙනෙක් ' නොවිය යුතු බවයි.

එම සටහන පහතින් දැක්වෙනවා.

'ධනංජය මල්ලී, උඹේ  ඉනිම දිහා ඊයේ බලන් හිටියා, ඒක මාරයි. ඒ උඹ  100 ගහපු නිසා නෙවෙයි.. මැරිච්ච ආච්චිලා සීයලා වැහිලා වැදිච්ච 100 ඒවා අපි ඕන තරම් දැකලා තියෙනවා.හැබැයි උඹේ  100 ගැහුවෙ උඹ  කියලා දැනුන නිසයි මේ සටහන තබන්න හිතුනෙ.

ඒ හැම පහරකම තිබුනු විශිවාසනීය භාවය, පිරිපුන් බව  අපිට දැන් ජ්‍යෙෂ්ඨයන්ගේ  පිතිකරණයන් තුළවත් දකින්නට නැති තරම්. උඹ  ඒ අපිට දීපු මහා බලාපොරොත්තුව ඒ ලෙසම තවත් කාලයක් අපි තියාගන්න කැමතියි.

දැන් පිටරටක ක්ලබ් එකකින් උඹට එන ලොකුම ලන්සුව ගැන නොහිතා, රටේ තියන සියලුම වෙළඳ ද දැන්වීම්වලට ගොස් තවත් තපස්සු භල්ලුක කෙනෙක් නොවී, රට ගැන හිතලා ක්‍රීඩා කළොත් මේ මුලු රටේම අම්මලා තාත්තලාගේ , සහෝදර සහෝදරියන්ගේ ආශිර්වාදය උඹට ලැබේවි...
උඹට ජය.....!!

 

YOU MAY ALSO LIKE

 
×