Thursday, December 14, 2017
- nethgossip.lk@gmail.com

‘‘ඉස්සරහට කහ, පස්සට සුදු...? ‘‘ සමාජ ජාලවල කතා බහට ලක්වුනු වාහන අංක තහඩු ගැටළුවේ ඇත්ත කතාව මෙන්න. (PHOTOS)

7141Views

වාහන අංක තහඩු පිළිබඳ පසු ගිය දින කිහිපය තුල සමාජ මාධ්‍ය තුල බොහෝ සේ කතාබහට ලක් වුනේ එක්තරා මෝටර් රථයක අංක තහඩු සවිකර තිබූ ආකායත් සමගයි. සාමාන්‍ය සම්ප්‍රදායට අනුව වාහනයක අංක තහඩු ස්ථානගත කිරීමේදී සුදු පැහැති අංක තහඩුව ඉදිරි පසටත්, කහ පැහැති අංක තහඩුව පිටුපසටත් සවිකල යුතු වෙනවා.

නමුත් පසුගියදා මෝටර් රථයක මෙම නීතියට පටහැනිව සුදු පැහැති අංක තහඩුව ඉදිරිපස සවි කර තිබුනා. එහි ඡායාරූපයක් මුහුණු පොතට එකතු කිරීමත් සමඟ මේ සම්බන්ධයෙන් විවිධ මත පලවුනා.

ඒ අතර නව මාදිළි සඳහා කහ පැහැති අංක තහඩුව සවිකිරීමට අපහසු නිසා මෙලෙස අංක තහඩු මාරු කර සවිකිරීම සුදුසුයැයි කියා මෙය සාධාරණීකරනය කල පිරිස්ද සිටියා.

කෙසේ වෙතත් මෙලස වාහන වල අංක තහඩු පවතින නීතියට පටහැනිව සවිකිරීමට හැකියාවක් තිබේද යන්න නෙත් ගොසිප් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කලා. එහිදී එම ආයතනයේ ඉහළ නිළධාරියෙක් පැවසූවේ දැනට කිසිසේත්ම එවැනි හැකියාවක් නොමැති බවයි.

එසේම නව මෝටර් රථ සඳහා කහ පැහැති අංක තහඩුව ඇති කිරීමේදී ඇතිවන ප්‍රායෝගික ගැටළු සම්බන්ධයෙන් නෙත් ගොසිප් විමසීමක් කලා. එහිදී ඔහු පවසා සිටියේ එවැනි මෝටර් රථ සඳහා අවශ්‍ය අංක තහඩු මේ වන විට ඇනවුම් කර ඇති බවත් ඒවා ලැබුනු පසු අදාල නීති රීති ගැසට් පත්‍රයක් මගින් දැනුම් දෙන බවත්ය.

YOU MAY ALSO LIKE

 
×