Thursday, December 14, 2017
- nethgossip.lk@gmail.com

37 වසරකට හිරේ ගියපු පෙම්වතාව බන්ධනාගාරයටම ඇවිත් විවාහ කරගත් අපූරු පෙම්වතිය... ‘‘ මම එයා වෙනුවෙන් අවුරුදු 3ක් සටන් කළා..‘‘ - මැගසින් බන්ධනාගාරයේදී අද වෙච්ච දේ (PHOTOS)

6281Views

වැලිකඩ මැගසින් බන්ධනාගාරයේදී අද ඉතා අපූරු සිදුවීමක් විය.ඒ වසර තිස්හතහමාරක සිරදඬුවමක් විඳිමින් සිටින 39 හැවිරිදි සෙනරත් බන්දුල ලියනාරච්චි නැමැත්තා චමිලා නමැති තරුණියක සමග යුග දිවියට එළඹීමයි. 

මොවුන් දෙදෙනාගේ විවාහය අද මැගසින් බන්ධනාගාරයේදී සිදුවූ අතර, විවාහයෙන් පසු බන්ධනාගාරය ඉදිරිපිට මාර්ගය අසල මංගල සභාවක්ද පැවැත්වුනා.

මෙය බන්ධනාගාර ඉතිහාසයේ විශේෂ සිදුවීමක් වන අතර විවාහ දිවියට පිවිසි චමිලා, බන්ධනාගාර රැඳවියන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ක්‍රියාකාරී සාමාජිකාවක්ද වනවා.

තමා සිය පෙම්වතාගේ අයිතීන් වෙනුවෙන් සටන් කළ බවත්,වසර 03ක සටනකින් පසු සිය පෙම්වතා මෙසේ බන්ධනාගාරයේ දී විවාහ කර ගැනීමට හැකි වූ බවත් චමිලා මෙහිදී ප්‍රකාශ කළා.

එක්තරා බන්ධනාගාර ප්‍රධානියෙකු තමන්ට මේ ගැන කතා කිරීමට නීතිමය අයිතියක් නැතැයි කී බවත්, විවාහ සහතිකය පෙන්වන ලෙස කී බවත් පැවසූ ඇය තම පෙම්වතා වන රැඳවියා විටෙක කුරුවිට බන්ධනාගරයටත්, තවත් විටෙක අනුරාධපුර බන්ධනාගරයටත් මාරු කළ බවද සඳහන් කළා.

කෙසේ වෙතත් මෙය එළඹෙන නත්තල් සමයේ එහි සැබෑ අරුත වන ප්‍රේමය කදිමට විදහා දැක්වූ අවස්ථාවක් ලෙස මංගල සභාවේදී අදහස් දැක්වූ එම්. ශක්තිවේල් පියතුමා සඳහන් කළ අතර විවාහයෙන් පසු සැමියා යළි බන්ධනාගරයටත්, බිරිඳ නිවසටත් පිටත්ව ගියා.




 

 

 

YOU MAY ALSO LIKE

 
×