Friday, October 19, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ලොව හොඳම පිතිකරුවන් දස දෙනා අතරට එක්වූ දිනේෂ් චන්දිමාල් අලුත් සටනකට සැරසෙයි (PHOTOS)

3464Views

ඉන්දියාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලිය ආරම්භයට පෙර ජාත්‍යන්තර ටෙස්ට් පිතිකරණ වර්ගීකරණයේ 20 වැනි ස්ථානයේ පසු වූ ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් ටෙස්ට් තරගාවලිය නිමාවත් සමඟින් පියවර කිහිපයක් ඉදිරියට තබමින් 9 වැනි ස්ථානයට පැමිණ තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා ටෙස්ට් නායකයා ඉන්දියානු තරගාවලියට පෙර ශ්‍රේණිගත ලකුණු 658ක් ලබා 20 වැනි ස්ථානයේ පසුවුවද ටෙස්ට් තරගාවලියේදී එක් ශතකයක් හා අර්ධ ශතක දෙකක් සමඟින් මුළු ලකුණු 366ක් (සාමාන්‍ය 64.00) ලබා ගැනීම හේතුවෙන් මේ වනවිට ශ්‍රේණිගත ලකුණු ප්‍රමාණය 743ක් දක්වා වැඩි වී තිබීමද කැපී පෙනේ.

මේ අතර පසුගිය සතියේදී ශ්‍රේණිගත ලකුණු 620ක් ලබා පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි 30 වැනි ස්ථානයේ පසු වූ ඇන්ජලෝ මැතිව්ස් නිමාවූ තෙවැනි තරගයේ පළමු ඉනිමේදී ලැබූ ශතකය (111) හේතුවෙන් මේ වනවිට 23 වැනි ස්ථානය දක්වා පියවර 7ක් ඉදිරියට පැමිණීමට සමත්ව තිබීමද විශේෂත්වයකි.

කෙසේ වුවත් ශ්‍රී ලංකාව සමඟින් පැවැති ටෙස්ට් තරගාවලියට පෙර ජාත්‍යන්තර ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හිශ්‍රේණිගත ලකුණු 806ක් ලබා හය වැනි ස්ථානයේ පසු වූ විරාත් කෝලි ටෙස්ට් තරගාවලියේදී  මුළු ලකුණු 610ක් ලැබීම හේතුවෙන් මේ වනවිට පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි තැනට පැමිණ සිටී.

මේ අතර එක්දින කණ්ඩායමට නැවතත් එක්වීමට තමන් හොඳ සටනක් ලබාදෙන බව දිනේෂ් චන්දිමාල් පවසයි.ඉන්දියාව සමග පැවැත්වෙන එක්‌දින තරගාවලිය සඳහා ටෙස්‌ට්‌ නායක දිනේෂ් චන්දිමාල් ඇතුළත්ව නොමැත. 
 
 'එක්‌දින කණ්‌ඩායමට එන්න මගේ අඩුපාඩු ටිකක්‌ තියෙනවලු. මම කොහොමත් එක්‌දින තරගවලට කැමැතියි. ඒ නිසා ඉදිරියේදී තවත් මහන්සි වෙලා වැඩ කරනවා. මේක මට හොඳ අභියෝගයක්‌. හොඳට සටන් කරලා මම කණ්‌ඩායමට නැවතත් එනවා' යෑයි චන්දිමාල් ඒ සම්බන්ධයෙන් පවසයි.
 
 දිනේෂ් චන්දිමාල් එක්‌දින තරග 134 කදී ශතක හතරක්‌ සහ අර්ධ ශතක 21 ක්‌ සමග මුළු ලකුණු 3288 ක්‌ ලබා තිබේ. එහි ඉනිමක සාමාන්‍ය 31.92 ක්‌ වන අතර ප්‍රහාරාත්මක වේගය 74.15 කි. 

නමුත් චන්දිමාල්ට එක්‌දින කණ්‌ඩායමේ ස්‌ථානය අහිමිව ඇත්තේ ඔහුගේ ප්‍රහාරාත්මක වේගය හුවා දක්‌වමිනි. මීට පෙරද චන්දිමාල්ට එක්‌දින කණ්‌ඩායමේ ස්‌ථානය අහිමිවීමෙන් පසුව , 'මම එක පැත්තක ඉන්න වෙලාවෙ අනිත් පැත්තෙන් කඩුලු දැවී යනවා. එතකොට මට ලොකු පහරවල් ගහන්න බැහැ. එවිට ප්‍රහාරාත්මක වේගය අඩුවෙනවා.' යැයි පැවසීය.




 

YOU MAY ALSO LIKE