Friday, July 20, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

‘‘මුළු රටම කතාකල රුපියල් තුන්දාස් නවසීයේ බිල‘‘ Take away වලදි සේවා ගාස්තුවක් අය කරන්න පුළුවන්..? පාරිභෝගික ඔබ දැනගතයුතු දේ මෙන්න.

20811Views

 

පසුගියදා කොළඹ ප්‍රධාන පෙලේ අවන්හලකින් නිකුත් කරන ලද බිල්පතක් සමාජ ජාලා තුල විශාල වශයෙන් කතා බහට ලක්වුනා. එම බිල්පතට අනුව සොසේජ් රෝල්ස් 03 ක්, මාළු පාන් 4 සහ එළවලු පාන් 3 සඳහා රුපියල් 3908.40 ක මුදලක් අයකර තිබුනේ රුපියල් 300 ක සේවා ගාස්තුවක්ද අය කරමින්.

වර්තමානයේ බොහෝ හෝටල් සහ ආපන ශාලාවල එකම වර්ගයේ කෑම වර්ග විවිධ මිළ ගණන් වලට අලෙවි වනවා. සාමාන්‍ය හෝටලයක රුපියල් 30-40 අතර අළෙවිවන රෝල්ස්,මාළු පාන් වැනි කෑම වර්ග තරු පහේ හෝටලයකට යනවිට රුපියල් 300 - 350 ට අළෙවි වනවා.

බොහෝ දෙනාට ගැටළුවක් බවට පත්ව තිබුනේද මෙම සිදුවීමය. පසුව පාරිභෝගික සේවා අධිකාරියේ ඉහළ නිළධාරියෙකුගෙන්  නෙත් ගොසිප්  මේ පිළිබඳ ප්‍රශ්න කලා. ඔහු ප්‍රකාශ කලේ මෙවැනි ආහාර වර්ග වලට පාලන මිලක් නොමැති බවයි.

අවන්හලකට ගොස් එහි නැවතී ආහාර ලබා ගනිද්දී එය එසේ වීම සාධරණයැයි කිව හැක. නමුත් අදාල බිල් පත නිකුත් කර තිබුනේ ආහාර මිලදීගෙන බැහැරට යන (take away) අවන්හලකින් නිසා එයට සේවා ගාස්තුවක් එකතු කර තිබීම බොහෝ දෙනාගේ චෝදනාවට ලක්ව තිබුනා.

අප ඒ පිළිබඳවද පාරිභෝගික සේවා අධිකාරියෙන් විමසීමක් කලා. එහිදී  පාරිභෝගික සේවා අධිකාරියේ ඉහළ නිළධාරියෙකු කියා සිටියේ සාමාන්‍යෙයන් ආහාර මිලදීගෙන බැහැරට යන අවන්හල් වලින් සේවා ගාස්තුවක් අය නොකරන බවයි. නමුත් එලෙස මුදල් අය කලද පාරිභෝගික සේවා අධිකාරියට නීතිමය ක්‍රියා මාර්ග ගැනීමේ හැකියාවක් නොපවතින බවද ඔහු සඳහන් කලා. take away අවන් හලකදී සේවා ගාස්තුවක් ලබා ගන්නේනම් සාමන්‍යෙයන් එම මුදල එහි සේවය කරන සේවකයින් අතර බෙදී යාමක් සිදුවිය යුතු බවද ඔහු වැඩිදුරටත් සදහන් කලා. 

පාරිභෝගික ඔබත් අවන්හලකට යන්න කලින් මේ දේවල් දැනගෙන යන්න ඕන කොතනටද කියලා හරියට තීරණය කරන්න. නැත්තන් ඔබටත් මේ වගේ හිතුවෙවත් නැති විදියට පුංචි ගානකින් ගන්න පුළුවන් දේකට ලොකු මුදලක් ගෙවන්න වේවි.

 

 

YOU MAY ALSO LIKE

GALLERY

Hasini's 20th Birth day

5139
2018-07-19

Narmadha Yapa Abewardena

1977
2018-07-18

INAMI

957
2018-07-18

Rashmi Madushika

867
2018-07-18