Saturday, April 21, 2018
- 0770586666

දැනට 6යි - පොහොට්ටුවේ නාම යෝජනා එක පෙළට ප්‍රතික්ෂේප වෙයි..!

10207Views

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කළ නාමයෝජනා කිහිපයක් ප්‍රතික්ෂේප වී ඇති බව වාර්තා වනවා.

මෙසේ ප්‍රතික්ෂේප වී ඇත්තේ මහරගම,වැලිගම,පනදුර, අගලවත්ත, බදුල්ල හා මහියංගනය යන නගර සභා සහ ප්‍රාදේශීය සභා  වෙනුවෙන් භාරදුන් නාම යෝජනායි.

ප්‍රමාණවත් කාන්තා නියෝජනය නොමැතිවීම  හේතුවෙන් පොදුජන පෙරමුණ මහරගම නගර සභාව සඳහා ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වී ඇති බව වාර්තාවන අතර,බලයලත් පුද්ගලයකු විසින් බාර නොදීම හේතුවෙන් වැලිගම නගර සභාවට ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රයද ප්‍රතික්ෂේප වී තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබාදුන් මහරගම නගර සභාව සඳහා ඉදිරිපත් කළ නාම යෝජනා පිළිගෙන තිබෙනවා.


 

YOU MAY ALSO LIKE