Friday, October 19, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

24 MP ඉදිරිපස කැමරාවත් සමඟ ඇදහිය නොහැකි මිලකට ආ සුපිරි ස්මාර්ට් වැඩකාරයා. (PHOTOS)

4774Views

අද කාලෙ ෆෝන් එකක් ගන්න වෙළඳ සැළකට ගියොත් මොකක් මිලදී ගන්නවද කියල හිතා ගන්න බැරි තරම් විවිධ මාදිළියේ, විවිධ වෙළඳ නාමයන් යටතේ ජංගම දුරකත වෙළඳ පොළට පැමිණ තිබෙනවා. අනික මේ උත්සව කාලයේ බොහෝ දෙනා අලුත් ජංගම දුරකතනයක් එහෙම  මිලදී ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවනම් ගෙවන වැඩිම වටිනාකමක් ලැබෙන ජංගම දුරකතන ගැන දැනගෙන ඉන්න එක ගොඩක් වැදගත්. වෙළඳ සැළකට ගියාට පස්සෙ අතරමං නොවී ඒ වගේ හොඳම ජංගම දුරකතනයක් ගන්නනම් හොඳ දැනුවත් භාවයකින් වෙළඳපොලට යන්න ඕන.

තරුණ පරපුර වෙනුවෙන්ම ඔවුන්ගේ ඕනෑ එපාකම් අනුව ඉහලම ප්‍රමිතියකින් ස්මාර්ට් ජංගම දුරකතන නිෂ්පාදනය කරන ආයතනයක් විදියට VIVO සමාගම ප්‍රසිද්ධියට පත්වෙලා තියෙනවා. ලොව පුරා මිලියන 200 කට වැඩි පිරිසක් භාවිතා කරන VIVO ජංගම දුරකත අතරින් ඔවුන්ගේ නවතම නිෂ්පාදනය වන VIVO V7 මේ වෙද්දි වෙළඳ පොළට නිකුත් කරලා තියෙනවා. ඉතිං මේ උත්සව සමයේ  ඔබ ගෙවන මිලට ඉහල වටිනාකමක් ලබා දෙන මේ ජංගම දුරකතනය පිළිබඳවයි අද අපි ඔබට කියන්නෙ.

දැන් කාලේ ගොඩක් දෙනා වැඩි අවධානයක් යොමුකරන්නෙ ජංගම දුරකතනයේ කැමරාවට කියන එක නොරහසක්.  ඒ නිසාම VIVO V7 ජංගම දුරකතනයේ විශේෂිතම අංගය විදියට එහි   ඉදිරිපස කැමරාව 24 MP  ප්‍රභලත්වයෙන් යුතුව නිර්මාණය කරලා තියෙනවා.  නිසා සෙල්ෆී ජංගම දුරකතන අතර සුවිශේෂී තැනක් හිමි කරගන්නට VIVO V7 සමත් වෙනවා. සැබෑ ජීවිතයේ ඔබ දකින වර්ණ එලෙසින්ම ඔබේ ඡායාරූප ගොන්න අතරට එකතු කර දෙන්නට VIVO V7 දුරකතනයට විශ්මිත හැකියාවක් තියෙනවා.

ඒ වගේම මද ආලෝකය ඇති පරිසරයන්හිදී පවා ස්වාභාවික දීප්තිමත් බවින් යුත් ඉතා ඉහළ තත්ත්වයේ ඡායාරූප ලබාගැනීම වෙනුවෙන් Smart Photography Algorithms සහ Face Beauty 7.0 වැනි විශේෂාංගයන්ගෙන් සමන්විතව VIVO V7 දුරකතනය නිර්මාණය කර තිබීම විශේෂත්වයක්. ඒ වගේම වෘත්තිමය මට්ටමේ ඡායාරූපකරණයට පවා සුදුසු Portrait Mode පහසුකම නිසා පසුබිම බොඳ කර ඡායාරූපයේ නාභිගත කොටස පමණක්  ලබා ගැනීමේ හැකියාවද මෙම දුරකතනය හරහා ඔබට ලැබෙනවා. එසේම VIVO V7දුරකතනයේ පසුපස කැමරාවද 16MP  ප්‍රභලත්වයෙන් මේ හා සමාන ඉහළ ක්‍රියාකාරීත්වයකින් යුතුව ඔබට ඡායාරූපකරණයේ නැවුම් අත්දැකීමක් ලබා දෙනවා.

ඒ වගේම පාරිභෝගිකයාට  ඉහල දෘෂ්‍යමය අත්දැකීමක් ලබා දෙන 8:9 aspect ratio තිරයක් සහිතව මෙම ජංගම දුරකතනය නිර්මාණය කර තිබීම විශේෂත්වයක්. මෙලෙස සාම්ප්‍රදායික 16:9 තිරයට සාපේක්ෂව 12.5 % කින් වඩා පුඵල්  5'7 ක FullViewTM තිරය නිසා අන්තර්ජාලයේ සැරිසැරීම, කියවීම සහ දුරකතනය ක්‍රියාකරවීම ඉතාමත්ම පහසු වෙනවා. VIVO V7 දුරකතනයේ  screen-tobody අනුපාතය 83.6 % වන නිසා දුරකතන ක්‍රීඩා කරන පුද්ගලයින් හට  මෙය හොඳින්ම ගැලපෙන ජංගම දුරකතනයක් ලෙසද පෙන්වා දෙන්න පුළුවන්. එසේම මෙම දුරකතනයේ අන්තර්ගත  Gaming Mode පහසුකම තුල Game Play කරන අතරතුර එයට බාධාවක් නොවීම සඳහා No Notifications සහ Floating Call Alerts වැනි විශේෂාංගද මෙම දුරකතනයට එක් කර තිබෙනවා.

මෙම ජංගම දුරකතනයේ අන්තර්ගත Fun touch 3.2 (OS) මෙහෙයුම් පද්ධතිය තුලින් Smart Split 3.0 වැනි විශේෂාංග රැසක් භාවිතාකරන්නාට ලබා දෙනවා. VIVO V7 දුරකතනය  64-bit Qualcomm octa-core CPU එකකින් සහ 4GB RAM ධාරිතාවයකින් සමන්විත නිසා ඉතා කාර්‍යක්ෂමව දුරකතනය හැසිරවීමේ පහසුකම ඔබට උදාවෙනවා.

ජංගම දුරකතනයේ ආරක්ෂාව ගැන හිතන අයටත් මෙම ජංගම දුරකතනය වෙනස්ම අත්දැකීමක් ලබා දෙන්නට මෙහි අන්තර්ගත fingerprint අන්ලොක් කිරීමේ පහසුකම මෙන්ම එයටත් වඩා ආරක්ෂිත Face Access තාක්ෂණය සමත් වෙනවා.

 

 

 

 

 

 

YOU MAY ALSO LIKE