Friday, December 14, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

"රටේ මිනිස්සු මට ජාතික සම්පතක් වගේ සලකනවා" මුලු ලොවම බලාසිටියදි ඇමෙරිකාවෙන් සම්මාන ලැබූ ශ්‍රී ලංකාවේ අභිමානය , ලූෂන් පුෂ්පරාජ් කතා කරයි .!

2541Views

සමස්ත ශ්‍රී ලංකාවටම අභිමානයක් ගෙන එමින් කායවර්ධන ක්‍රීඩාවෙන් ලොවම දිනු ශ්‍රී ලංකාවේ අපේ ලූෂන් පුෂ්පරාජ් පසුගියදා ඇමෙරිකාවේ ඇට්ලස් ටෙක්සාස් ජාත්‍යන්තර කායවර්ධන තරගාවලියේ සිව් වැනි ස්ථානය දිනාගත් පුවත සැමටම පෙර නෙත් ගොසිප් අප ප්‍රථමයෙන්ම වාර්තා කළෙමු.

රටවල් 34ක් නියෝජනය කරමින් ලොව ප්‍රමුඛ පෙළේ සහ වෘත්තීමය කායවර්ධන ක්‍රීඩකයින් විශාල පිරිසක් සහභාගී ඇට්ලස් ටෙක්සාස් ජාත්‍යන්තර කායවර්ධන තරගාවලියේ විශේෂ ඇගයීම් සම්මානයක්ද හිමි කර ගැනීමට ලූෂන් සමත් වුණා.

ලොව පිළිගත් කායවර්ධන තරගාවලියකින් එලෙස ගෞරවයන් හිමිකර ගත් ලූෂන් පසුගියදා පුවත්පතක් සමග සංවාදයකට එක්වෙමින් සිය පෞද්ගලික හා ක්‍රීඩා තොරතුරු හෙළිකර තිබුනා. එම සංවාදය පහතින් ,


* මේ දවස්‌වල ගොඩක්‌ කතාබහට ලක්‌වෙන චරිතයක්‌?

ඇත්තටම කතාබහට ලක්‌වෙනවා. උණුසුම් ප්‍රතිචාර ලැබෙනවා.

* ඇමරිකාවේ පැවැති Mr. Atlas අයෝමය ශූරයා තේරීමේ තරගාවලියේ සිව්වැන්නා වූණා?

බොඩිබිල්ඩින්ග් මුල් අයිතිකාරයෝ තමයි ඇමරිකාව කියන්නේ. ඉතිං ඒ වගේ රටකදී ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක්‌ විදිහට මට ඒ තත්ත්වෙට එන්න ලැබීම ලොකු භාග්‍යයක්‌.

* ඊට අමතරව තව සම්මානයකුත් එහෙදි හම්බුණා?

ඔව්. ආසියාවේ කායවර්ධන ක්‍රීඩාව වෙනුවෙන් කරන සේවය අගයලා මට සම්මානයක්‌ ලබාදුන්නා.

* ඔබව හඳුන්වා දුන්නේ ආසියාවේ කලු සිංහයා කියලා?

ඒක බලාපොරොත්තු නොවුණ දෙයක්‌.

* 51 වැනි ආසියානු කායවර්ධන ශූරතාව දිනාගෙන ඊට පස්‌සේ තමයි ඇමරිකා යන්නේ?

දකුණු කොරියාවේ තිබුණ මේ තරගාවලියේදී මට සමස්‌ත ශූරතාව දිනා ගන්න පුළුවන් වුණා. පළවෙනි වතාවට තමයි ශ්‍රී ලාංකිකයෙක්‌ට ඒ අවස්‌ථාව උදා වුණේ.

* ශ්‍රී ලංකාවට මෙච්චර කීර්තියක්‌ ලබාදීලත්, ඒකට නිසි ඇගයීමක්‌ හම්බුණා කියලා හිතනවද?

ශ්‍රී ලාංකික ජනතාවගෙන් නිසි ඇගයීම ලැබුණා. ඔවුන් මාව ජාතික සම්පතක්‌ විදිහට සලකනවා. මම ජනතාවගේ ක්‍රීඩකයෙක්‌.

* ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනයෙන් ඇයි එච්චර සපෝර්ට්‌ එකක්‌ නැත්තේ?

සම්මේලනයක්‌ තියෙන්නේ ක්‍රීඩකයන්ව හදන්න. ක්‍රීඩකයන්ට තියෙන්නේ ඒ වරප්‍රසාද අරගෙන හොදින් ක්‍රීඩා කරන්න. ඒත් සම්මේලනයකින් අපිට දෙයක්‌ කරන්නේ නැත්නම් තනියම හරි අපේ දක්‌ෂතාව භාවිතා කරලා රටට දෙයක්‌ කරන්න ඕනේ.

* බොඩිබිල්ඩින් කියන්නේ ගොඩක්‌ වියදම් අධික ක්‍රීඩාවක්‌, කෙහොමද මේ වියදම් දරාගන්නේ?

මං ඒෂියන් තරගාවලිය වෙනකම් ගියේ මගේ පෞද්ගලික වියදමින්. මාසෙකට ලක්‌ෂයක්‌, එකහාමාරක්‌ විතර යනවා. පැය 16 ක්‌ විතර පිටරට වැඩකරලා තමයි ඒ වියදම් හොයා ගත්තේ. දැන් මට අනුග්‍රහය දක්‌වන්නේ සුසන්ත ශාන් හළඹ කියලා මහත්මයෙක්‌. ඒ මහත්මයා නිසා තමයි මට ඇමරිකා යන්න අවස්‌ථාව ලැබුණේ.

* ඇඟ ලස්‌සනට පේන්න තිබුණට ලොකු දුකක්‌ විඳින්න ඕනේ නේද මේ තත්ත්වෙට එන්න?

මේක මට ලැබුණ දෙයක්‌ කියලයි මං හිතන්නේ. ඒ නිසා මං ආසාවෙන් ඒ දේ කරනවා.

* පරිස්‌සමටද කෑම ගන්නේ?

මම දවසට කෑම වේල් 7ක්‌ 8ක්‌ ගන්නවා.

* ඇත්තද වතුර බොනවා අඩුයි කියන්නේ?

වතුරත් එක්‌ක තමයි මේ සෙල්ලම තියෙන්නේ. වතුර බොන්නම ඕනේ. මං දවසට වතුර ලීටර් 8ක්‌ 10 ක්‌ විතර බොනවා.

* දවසට ජිම් එකේ පැය කීයක්‌ විතර ඉන්නවද?

පැය එකහමාරක්‌ දෙකක්‌ විතර

* පුහුණුකරුවෙක්‌ ඉන්නවද?

මට සහයට කට්‌ටිය ඉඳල තියෙනවා. ඒත් මට කියලා පුහුණුකරුවෙක්‌ ඉඳල නෑ. මගේ පුහුණුකරු මමමයි.

* ඇඟ කරදරයක්‌ වෙච්ච අවස්‌ථා ඇති?

නෑ. කවදාවත් නෑ.

* ඇත්තද මේ ඇඟත් එක්‌ක ගොඩක්‌ වැඩ කරන්න අමාරුයි කියන්නේ?

ගොඩක්‌ අය හිතනවා ඇඟ ලොකුවට තිබ්බොත් තමන්ගෙ වැඩවත් කරන්න අමාරුයි කියලා. ඒත් එහෙම නෑ. ඕනෙම දෙයක්‌ කරන්න පුළුවන්.

* ලූෂන් පුෂපරාඡ් කියන්නේ කොයිවගේ චරිතයක්‌ද?

ආඩම්බර නැති සුහදශීලී චරිතයක්‌.

* බිරිඳගෙන් කොයිවගේ සහයක්‌ද ලැබෙන්නේ?

එයා තමයි මගේ ලොකුම ශක්‌තිය. මං වැටුණු හැම වෙලවකම මගේ ළඟින් ඉඳලා එයා තමයි මාව උඩට ගත්තේ.

* අනාගත හීනය?

Mr. Olympia ස්‌ටේඡ් එකට යන්න. ඒක තමයි හීනය.