Wednesday, January 24, 2018
- nethgossip.lk@gmail.com

" නාමල්වත් මමවත් කටකතා ගණන් ගන්නේ නෑ , අපිට වෙන වැඩ තියෙනවා" කතාබහට ලක්වූ රුවන්ති මංගලා ජනතා සේවයට දේශපාලනයට එනවලු .!

1222Views

රංගන ක්ෂේත්‍රයේන් කලා ලොවට පිවිස රසික හදවත් දිනා ගත් ඇය රංගන ශිල්පිණි රුවන්ති මංගලා. පසුගිය දිනවල සමාජජාලා මාධ්‍යවල අතිශය කතාබහට ලක්වූ රුවන්ති , දැන් දේශපාලන ක්ෂේත්‍රයටද පිවිසිලා. සතිඅන්ත පුවත්පතක් සමග එක්වෙමින් රුවන්ති එම සිදුවීම් පිළිබදව අදහස් දක්වා තිබුණා.

එම සංවාදය පහතින් ,

කාලෙකට පස්‌සෙ ටෙලි නාට්‍යය හරහා අපිට රුවන්තිව දකින්න ලැබෙනවා. කොහොම ද ලැබෙන ප්‍රතිචාර?

විකාශය වෙන්න පටන් අරන් සුඵ කාලයක්‌ වුණත් ලැබෙන ප්‍රතිචාර නම් ඉතා ඉහළයි.

අලුත් අවුරුද්දෙ අලුත් නිර්මාණ කීයකට ආරාධනා ලැබුණ ද ?

ආරාධනා නම් කීපයක්‌ම ලැබුණා. ඒත් අකමැත්තෙන් වුණත් ඒවා ප්‍රතික්‌ෂේප කළා. මොකද මට දේශපාලනයට සම්බන්ධ වෙන්න ආරාධනාවක්‌ සහ අවස්‌ථාවක්‌ ලැබුණා. ඒ කටයුතුවලට සම්බන්ධ වෙන්න ඕන නිසයි එහෙම කළේ.

ඒ කියන්නේ රගපෑම අතහැරලා දේශපාලනේට බහිනවා ?

එහෙම නෙමෙයි ලැබුණු අවස්‌ථාවට සාධාරණයක්‌ කරන්න ඕනෑ. මොකද අවස්‌ථාව කියන එක තාම වුණත් වටිනවා. රගපෑම අත හරින්නේ නැහැ.

සැමියගේ රෝගී තත්ත්වයත් එක්‌ක ආපු ප්‍රශ්න කරදරවලට රුවන්ති මුහුණ දුන්නෙ කොහොම ද ?

ඒක මටත් ප්‍රශ්නයක්‌. මමත් තාම ඒ ගැන කල්පනා කරනවා. නාමල් අසනීප වුණා කියලා මගේ ඇස්‌ දෙකෙන් එක කදුලක්‌ වැටුණෙ නෑ. මම දරදඩු ගැහැනියක්‌ වුණා. කොහොම හරි ඔහු සුව කර ගන්නවා කියන තැනයි මම හිටියෙ. සහෝදර ශිල්පීන් ශීල්පිණියන් වගේම ගොඩ දෙනෙක්‌ අපට උදව් කළා. ඒ නිසා මට හැම දේටම එඩිතරව මුහුණ දෙන්න හැකියාව ලැබුණා. ඒ හැමෝටම මම ස්‌තූති කරනවා හදවතින්ම.

දියණිය රංගනයට යොමු කරන්න රුවන්ති අකමැති ද ?

එයා රංගනයට එන්න කැමැති නම් මගේ කිසිම අකමැත්තක්‌ නෑ. හැබැයි අධ්‍යාපන කටයුතුවලට මුල් තැන දීලා. අම්මට හොද නම් රංගනය දුවට නරක්‌ වෙන්න බැහැනෙ.

ජනප්‍රිය චරිත කටකතාවලට ලක්‌ වෙන ප්‍රවණතාව වැඩියි ඔබ එය දකින්නේ ?

අපි දෙන්න ක්‌ෂේත්‍ර දෙකක. ඔහු ගැන කටකතාවක්‌ තිබුණොත්, මමවත්, මා ගැන කට කතාවක්‌ තිබුණොත් ඔහුවත් ඒවා ගණන් ගන්නේ නැහැ. අපි කවුද කියන්න අපි දන්නවා. අනික අපට ඕවා පස්‌සේ යනවට වඩා කරන්න වැඩ තියෙනවා.


 

 සංවාදය : ධම්මික හේවාවසම්

YOU MAY ALSO LIKE