Monday, May 21, 2018
- 0770586666

ඔහු ඇවිල්ලා ඉන්නෙ ෂේප් වෙන්න නෙමෙයි..හැංගෙන්න නෙමෙයි - හතුරුසිංහට සද්දේ දැමූ බංගලාදේශ ක්‍රීඩකයාට තැනත් අහිමිවෙයි..!

8200Views

පීඩනය තමා නොහඳුනන බවත් වත්මන් ශ්‍රී ලංකා කණ්‌ඩායම තුළ තිබෙන හැකියාව හරියට ප්‍රයෝජනයට ගතහොත් ලෝකයේ ඕනෑම රටක්‌ පරාජය කිරීම අපහසු නොවන බවත් හතුරුසිංහ පවසයි.

ඒ ශ්‍රී ලංකා එක්දින හා විස්සයි20 කණ්ඩායම් නායකත්වය ලබාදීම වෙනුවෙන් ඊයේ (09) පැවති මාධ්‍ය හමුවේදීය.

 "බංග්ලාදේශ ක්‍රීඩකයන් දන්නවා ඔවුන් කරන්න ඕන රාජකාරිය මොකක්‌ද කියලා. පසුගිය අවුරුදු දෙකේ ඔවුන් හොඳ තැනකට ආවා. ඒ කාලයේදී එක්‌ තරගාවලියක්‌ විතරයි බංග්ලාදේශය මවු රටේදී පරාජය වුණේ. 
 
 "බංග්ලාදේශ ක්‍රීඩකයන්ගේ සැලසුම් මොනවද කියන එක මම දන්නවා. ඒ නිසා අපේ කණ්‌ඩායමට ඒක වාසියක්‌. මේ කණ්‌ඩායමේ තියෙන දක්‍ෂතා හරියට ලබා ගතහොත් ලෝකයේ ඕනෑම කණ්‌ඩායමක්‌ පරාජය කරන්න පුළුවන්.
 
 "2019 ලෝක කුසලානට කණ්‌ඩායම යන කොට ක්‍රීඩකයකු අඩුම ගාණේ එක්‌දින තරග 15ක්‌ විතර ක්‍රීඩා කර තිබිය යුතුයි. වේග පන්දු යවන්නන් හත් දෙනෙක්‌ විතර එංගලන්තයේ තියෙන ලෝක කුසලානයට අපි ලෑස්‌ති කරන්න ඕන. ඒ හත් දෙනාම නොගියත් අපි ලෑස්‌ති කරලා තියෙන්න ඕන. මොකද අයි.සී.සී.ය එංගලන්තයේ හදන තණතීරු පිතිකරුවන්ටත් යෝග්‍යයි. ඒ සියලු දේ බලලා තමයි දැන්ම ඉ`දලා කණ්‌ඩායම තෝරන්නෙ."

මේ අතර, තමා නායකත්වයෙන් ඉල්ලා අස්‌වුණේ නැවත නායකත්වයට පැමිණීමේ අපේක්ෂාවෙන් නොවන බව ඇන්ජලෝ මැතිව්ස් පවසයි.

"මට ක්‍රිකට්‌ ක්‍රීඩාව හුගක්‌ දේ දීලා තියෙනවා. ඒ නිසා මම මේ අවස්‌ථාවේදී පිට හැරෙව්වොත් ඒක සාධාරණ නැහැ. ලෝක කුසලානයට තව මාස 18 ක්‌ විතර තියෙනවා. නව පුහුණුකරු චන්දික හතුරුසිංහ මෙතන්ට ඇවිල්ලා ඉන්නෙ ෂේප් වෙන්න නෙමෙයි. ඔහු හැංගෙන කෙනෙක්‌ නෙමෙයි. ඔහු ගැන මට ගොඩක්‌ විශ්වාසය තියෙනවා. අපි දෙන්නම එක හා සමානව කණ්‌ඩායමට අවශ්‍ය දේ කරන්න බලාපොරොත්තු වෙනවා. මේකට සමහරු කැමැති වෙයි. තවත් සමහරු අකමැති වෙයි. ඒකට ඉතිං මට කරන්න කරන්න දෙයක්‌ නැහැ." 
 
 "මම නායකත්වයෙන් ඉල්ලා අස්‌වුණේ ආයිත් නායකත්වය ලබා ගන්න නොවෙයි. මීට මාස පහකට හයකට පෙර මම නායකත්වයෙන් ඉවත් වුණේ ඒ කාලයේ තිබුණ තත්ත්වය අනුව නව නායකයකුට අවස්‌ථාව දිය යුතු නිසා. නමුත් ඉන්දියානු සංචාරයෙන් පසුව ක්‍රිකට්‌ සභාපති තිලංග සුමතිපාල මහතා සහ නව පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා කළ ඉල්ලීම ගැන සලකා බලා යළිත් නායකත්වය භාර ගත්තා." යෑයි මැතිව්ස්‌ පවසයි.
 
 බංග්ලාදේශ සංචාරය අභියෝගාත්මක බව තමන් පිළි ගන්නා බවත් ඉස්‌සර සිටි සිම්බාබ්වේ සහ බංග්ලාදේශ කණ්‌ඩායම් දැන් නොසිටින බවත් ඔවුන් දක්‍ෂතා අතින් පරිපූර්ණ වී ඇති බවත් මැතිව්ස්‌ පවසයි. චන්දික හතුරුසිංහ වැනි පුහුණුකරුවකු සමග එක්‌ව නව ගමනක්‌ යැමට අදිටන් කරගෙන සිටින බවද මැතිව්ස්‌ පවසයි.
 
 "මම එදා නායකත්වයෙන් ඉවත්වීමත් සමග නායකයන් පස්‌දෙනකු විතර විවිධ හේතු නිසා කටයුතු කළා. නමුත් අවශ්‍ය ප්‍රතිඵලය ලැබුණෙ නැහැ. එහෙම කියලා ඒ නායකයන්ට මම දොස්‌ කියන්නෙ නැහැ. ඔවුන් කළ හැකි හැමදේම කළා. දැන් නව පුහුණුකරු හතුරුසිංහ අයියත් එක්‌ක එකතු වෙලා මේ කණ්‌ඩායම ඉහළට ගේන්න කළ හැකි සෑම දෙයක්‌ම කරනවා. මොකද මීට අවුරුදු දහයකට පෙර මම ශ්‍රී ලංකා "ඒ" කණ්‌ඩායමේ ඉන්නකොටත් හතුරුසිsංහ අයියා පුහුණුකරු වුණා. ඒ වගේම ජාතික කණ්‌ඩායමේ "ශැඩෝ" පුහුණුකරු ලෙසත් ඔහුත් එක්‌ක වැඩ කරලා තියෙනවා. 

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමට අමතර වාසියක් ලබාදීමට නව පුහුණුකරු චන්දික හතුරුසිංහට නොහැකිවනු ඇති බවට පසුගියදා ප්‍රකාශයක් කළ  බංගලාදේශ වමත් පිතිකරු සෞම්‍ය සර්කාර්ට එක්දින පිලේ ස්ථානය අහිමිව තිබේ.

ශ්‍රී ලංකාව,බංගලාදේශය හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර ආරම්භ වීමට නියිමිත තුන්කොන් තරඟාවලියට නම් කළ බංගලාදේශ සංචිතයේන් මෙලෙස සෞම්‍ය සාර්කාර් ඉවත් කර ඇත.

‘‘ අලුත් වසරක්..ඔවුන්ගේ  (ලංකාවේ) පුහුණුකරු වෙනස්වුණා .අපෙත් වෙනස් වේවි.කණ්ඩායමේ සැළසුම් වෙනස් වේවි.මට මේ අවුරුද්ද හොඳට පටන් ගන්න අවශ්‍යයි.හොඳට ක්‍රීඩා කළොත් ඔවුන්ට හොඳ ප්‍රතිඵලයක් ලැබේවි.නැවතත් දක්ෂතා එන්න අපි ඕනම දෙයක් කරනවා...

ඔහු අපි ගැන ගොඩක් දේ දන්නවා.ඔහු ඔහුගේ කණ්ඩායම වෙනුවෙන් කරන්න පුලුවන් හැමදේම කරාවි.නමුත් ක්‍රීඩා කරන්නේ ක්‍රීඩකයෝ මිසක් ඔහු නෙමෙයි.ලංකාව පරාජය කළ හැකි සැළසුම් අපටත් තිබෙනවා.අපිත් හතුරුසිංහ ගැන හොඳට දන්නවා.අපි දන්නවා ඔහු මොන වගේ සැළසුම් ක්‍රියාත්මක කරාවිද කියලා.. යනුවෙන් ඔහු පසුගියදා පවසා තිබුණි.