Tuesday, September 25, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

වැඩි වැඩියෙන් අන්තර්ජාලයේ සැරිසරන සැමට අදහාගත නොහැකි සුභ ආරංචියක්..!!

3984Views

මෙරට බ්‍රෝඩ්බෑන්ඩ් අන්තර්ජාල සේවා සැපයුම් අතර ඉදිරියෙන්ම සිටින SLT බ්‍රෝඩ්බෑන්ඩ් සේවාව 2018 නව වසරේ සන්නිවේදන කේෂ්ත්‍රෙය් පෙරළියක් කරමින් සිය බ්‍රෝඩ්බෑන්ඩ් ඉන්ටර්නෙට් පැකේජයන් සඳහා පවතින එම මිලටම 75% ක් දක්වා වූ වැඩිපුර ඩේටා පිරිනැමීමට කටයුතු යොදා තිබේ.ඒ අනුව, ගෙවන මුදලට වැඩිම වටිනාකමක් සහිත බ්‍රෝඞ්බෑන්ඞ් ඉන්ටර්නෙට් සේවාව අත්විඳින SLT බ්‍රෝඩ්බෑන්ඩ් පාරිභෝගිකයන්ට එම වටිනාකම තව දුරටත් වැඩිකරදෙමින් ඩිජිටල් ජීවන රටාව තුළ දිනෙන් දින ඉහළ යන අවශ්‍යතා නොඅඩුව සපුරාගැනීමේ අවස්ථාව සැලසෙනු ඇත. 

මෙම ඩේටා ධාරිතාව ඉහළ නැංවීම මේ වන විටත් මෙම සේවාව අත්විඳින SLT පාරිභෝගිකයන් සහ අලූතින් මෙම සේවාව ලබාගැනීම සඳහා එක්වන හෙවත් නව සම්බන්ධතා සඳහාද අදාළ වේ. ඒ අනුව මෙරට වඩාත් ස්ථායී, බධා රහිත සහ වේගවත්ම ඉන්ටර්නෙට් සබඳතාව සමග කිසිඳු වැඩිපුර ගෙවීමකින් තොරව වැඩි වැඩියෙන් අන්තර්ජාලයේ සැරිසැරීමේ අවස්ථාව ඔබට හිමිවේ.

මේ සමගින්, අන් කිසිදු ඉන්ටෙර්නෙට් සේවාවක් හා සමකළ නොහැකි මෙන්ම සැබවින්ම ගෙවන මිලට ලැබෙන වටිනාකම අතින් අංක 1 ස්ථානයේ  පසුවන බ්‍රෝඩ්බෑන්ඩ් සේවාව බවට SLT බ්‍රෝඞ්බෑන්ඞ් සේවාව අත්කරගෙන සිටින ප‍්‍රසාදය තවදුරටත් වර්ධනය වනු ඇත. එමගින් මසකට ගිගා බයිට් 3000කට (3000GB/3TB) වැඩි  දීමනා සමග වසර පුරා අදහාගත නොහැකි දීමනා පිරිනැමීම කැපී පෙනෙයි. එම සේවාවෙන් පිරිනැමෙන 100Mbps වේගවත්ම සබඳතාව සමග දිනෙන් දින වැඩිවන ඩිජිටල් අවශ්‍යතා හමුවේ Wi-Fi සම්බන්ධතාවය ඔස්සේ අදාළ උපාංග කිහිපයකට වුව එකවර ඉන්ටෙර්නෙට් භාවිත කල හැකිය.SLT බ්‍රෝඩ්බෑන්ඩ් සිය පාරිභෝගියන් හට, ජාතික Fiber Optics සන්නිවේදන ජාලය ඔස්සේ අධිවේගී ජාත්‍යන්තර මට්ටමේ අන්තර්ජාල සබඳතාවක් අත්විදීමේ අවස්ථාව සලසා දී තිබේ.  

ඉහළම ප‍්‍රමිතියෙන් යුත් අන්ර්ඝතම බ්‍රෝඞ්බෑන්ඞ් අත්දැකීමක් සියළුම ශ්‍රී ලාංකිකයන්ට විඳගැනීමට හැකිවන සේ රටපුරා විහිද ඇති සිය ජාලය දිනෙන් දිනම සැම අතින්ම ශක්තිමත් කිරීමට SLT බ්‍රෝඩ්බෑන්ඩ් සේවාව කටයුතු කරයි. එහි ප‍්‍රතිඵලය ලෙසින් ඔබේ ඇඟිලි තුඩු අග තොරතුරු සම්භාරයක් රඳවමින් මුළු රටම එකිනෙකා හා යා කරන අතරවාරයේ ලෝකය හා සම්බන්ධ කිරීමට SLT බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවට හැකිව ඇත.

Fiber,ADSL සහ LTE යන තාක්‍ෂණයන්ගෙන් බලගැන්වී ඇති SLT බ්‍රෝඩ්බෑන්ඩ්  සේවාව 1212  ඔස්සේ පැය 24 පුරා සම්බන්ධ කරගත හැකි පාරිභෝගික සේවා අංකයකින් යුක්ත වේ. මෙම සේවාව පිළිබඳ වැඩිදුර තොරතුරු www.slt.lk වෙබ් අඩවියෙන් හෝ pr@slt.lk ඔස්සේ ඊ-මේල් මගින් ලබාගත හැක.

මෙරට අංක එකේ බ්‍රෝඞ්බෑන්ඞ් සේවාව ලෙසින් සිය මාසික පැකේජයන්ගේ මිල ගණන් එසේම තිබියදී ඒවායෙහි ඩේටා ධාරිතාවය 75%ක් දක්වා වැඩිකිරීම, සෙසු බ්‍රෝඞ්බෑන්ඩ් සේවාවන්ට සාපෙක්‍ෂව SLT බ්‍රෝඩ්බෑන්ඩ් විසින් සිය පාරිභෝගිකයන් හට හිමිකර දුන් සුවිශේෂී වරප‍්‍රසාදයකි. සෑම වසරක් පාසාම අඛණ්ඩව සිය පාරිභෝගියන් හට මෙවැනි දීමනා පිරිනැමීම, මෙම සේවා සම්පාදනයේ සෙසු තරගකරුවන් අතරින් SLT බ්‍රෝඩ්බෑන්ඩ් කැපී පෙනීමට එක් සුවිශේෂී සාධකයකි. 

 

 

YOU MAY ALSO LIKE