Sunday, September 23, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

‘ඒ තර්කය හරි නම් යළිත් පුළුවන්, මටයි චන්ද්‍රකාටයි බලපාන්නේ අනාගතයට‘ - මහින්ද තෙවන වරටත් සූදානම්..?

2923Views

නීතිපතිවරයාගේ තර්කය නිවැරදි නම් , ජනාධිපතිවරණයක් සඳහා නැවත ඉදිරිපත් වීමට තමාටත් හැකියාවක් ඇති බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පවසයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට කිසිදු බාධාවකින් තොරව එම ධුරයේ ඔහු දිවුරුම් දුන් 2015 ජනවාරි 09 දා සිට ඉදිරියට වසර 06 ක කාලසීමාවක්‌ ධුරය දැරීමට නීතියෙන් අයිතියක්‌ ඇති බව නීතිපති ජයන්ත ජයසූරිය ඊයේ දැනුම් දී තිබිණ.
    
නීතිපතිවරයා ඉදිරිපත් කරන තර්කය පිළිබඳව අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා ,

"මට මේක ගැටලුවක් නැහැ කොයි මතයේ ගියත්. නීතිපතිවරයාගේ මතය අධිකරණය පිළිගත්තොත්, දෙවරකට වඩා ඉල්ලන නීතිය මට හා චන්ද්‍රිකාට බලපාන්නෙ අනාගතයට. ඉතිං නීතිපතිවරයාගේ තර්කය පිළිගත්තොත් මට තරග කරන්න පුළුවන්. මම යළිත් ඉදිරිපත් වෙනවද, නැද්ද කියන එක නොවෙයි ගැටලුව, මම කියන්නෙ මේ තර්කය පිළිගත්තොත් කියන එකයි.

මම හිතන්නෙ, ව්‍යවස්ථාවේ තියෙන විදියට අර්ථ කථනය කළොත් මෙය කල්දමන්න බැහැ. පාර්ලිමේන්තුව පත් කරගත්තෙ කවුද? ජනතාව. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයෙන් තමයි මේ ව්‍යවස්ථාව වෙනස් වුණේ. එතකොට ජනතාවගේ ඡන්දයෙන් තමයි, ජනතා පරමාධිපත්‍ය ඇති වුණේ. ඒ නිසා එම තර්කය බිඳ වැටෙනවා."
 


 

YOU MAY ALSO LIKE