Thursday, May 24, 2018
- 0770586666

" එක්ස්ප්ලෝර් ෆීඩ් ගෙනත් පේජ් ඉවත් කළා , ඉතිරි ටිකත් අයින් කරනවා " ෆේස්බුක් සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට මාර්ක් සකර්බර්ග් සැරසෙයි , ගෘප් , පේජ් ඉවරටම ඉවරයි .!

3825Views

ෆේස්බුක් යනු ශ්‍රී ලංකාවෙ මෙන්ම ලොව ජනප්‍රියතම සමාජ ජාලා වෙබ් අඩවියයි, ලොව වැඩිම පරිශීලකයන් පිරිසක් සිටිනා සමාජ ජාලා වෙබ් අඩවිය ෆේස්බුක් වෙබ් අඩවියයි. පසුගිය දිනවල ෆේස්බුක් වෙබ් අඩවිය ශ්‍රී ලංකාව ඇතුලු තවත් රටවල් පහකට හදුන්වා දුන් සංකරණයකින් ෆේස්බුක් පිටුවල පෝස්ටු , පරිශීලකයන්ගේ නිවුස් ෆීඩ් තුලින් ඉවත් කළ අතර එය දැඩි කතාබහට ලක්වුණා.

මේ අතර මෙම සංස්කරණ තවත් ඉදිරියට ගෙන යමින් ෆේස්බුක් සමාජජාල අඩවියේ යාවත්කාලීන තොරතුරු ගලාඑන නිවුස් ෆීඩ් තුළ ව්‍යාපාර, සන්නාම සහ විවිධ මාධ්‍ය සඳහා අවම ප්‍රමුඛතාවක් ලබාදෙමින් එහි වෙනස්කම් කිහිපයක් සිදුකිරීමට එම සමාගම සැරසෙයි.

ඒ වෙනුවට, පවුලේ ඥාතීන් හා මිතුරන් අතර වැඩි කතාබහක් ඇති කරන සිදුවීම් වෙත වැඩි නැඹුරුවක් ලබාදීමට ඔවුන් සූදානම් වන බව ෆේස්බුක් ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් පවසනවා.

නිව්ස් ෆීඩ් හරහා පැමිණෙන ඇතැම් පෝස්ට් හේතුවෙන් ඔවුන්ගේ පොස්ට් සම්බන්ධයෙන්ද ජනප්‍රියත්වයේ අඩුවීමක් පිළිබඳව සමාගම සිදුකළ අධ්‍යයනයකට අනුව මෙම නව වෙනස්කම් ෆේස්බුක් සමාජජාලය වෙත හඳුන්වා දීමට ඔවුන් සූදානම් බව කියැවේ.

ඒ අනුව, මෙම වෙනස්කම් ඉදිරි සති කිහිපය තුළ දැකගැනීමට හැකිවනු ඇති බවද සකර්බර්ග් පවසයි.

ව්‍යාපාර, සන්නාම සහ මාධ්‍ය වෙතින් ලැබෙන යාවත්කාලීන තොරතුරු සහිත පෝස්ට් හේතුවෙන් ෆේස්බුක් තුළ වැඩි පිරිසක් සම්බන්ධ කරගැනීමට හැකි පෞද්ගලක පෝස්ට් සඳහා ඇති ඉඩ ඇහිරී ඇති බවට නිතර මැසිවිලි නැගෙන බව සකර්බර්ග් වැඩිදුරටත් පවසයි.

ඔහු පවසන්නේ තමන්ට මෙන්ම තම කණ්ඩායමට ෆේස්බුක් මිනිසුන්ගේ යහපැවැත්ම සඳහා උදව් වූ මෙවලමක් බවට තහවුරු කරගැනීමේ වගකීමක් හැඟී ගිය බවයි.


 

 
×
 

YOU MAY ALSO LIKE

×