Tuesday, September 25, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

තමිල්නාඩුවේ මුදලාලි ලොව විස අධිකම මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකාවට ගෙනැවිත් - ටාගට් එක කොළඹ නයිට් ක්ලබ් ලූ , පිට රට මුදලාලිලා අපේ තරුණ පරපුර බිලි ගන්නා හැටි .!

3406Views

ශ්‍රී ලංකාවේ ඉදිරි ගමනට විශාල තර්ජනයක් එල්ල වන්නේ  මත් උවදුරෙනි.  වර්තමානයේ සිග්‍රයෙන් පැතිර යන විවිධ මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී ලංකාවට පැමිණෙන විදෙශිකයන් පිළිබදව ප්‍රවෘත්ති නිතරම අසන්නට දකින්නට ලැබේ. ලොව විස අධිකම එවැනි මත්ද්‍රව්‍ය තොගයක් ශ්‍රී ලංකාවට රැගෙන ආ විදේශිකයෙකු පිළිබදව වාර්තා වෙනවා.

යුරෝපා රටවල භාවිත කරන "මෙතැම්පටමයින්" නැමැති මෙම විස අධික මත්ද්‍රව්‍ය තොගය නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ ඉන්දීය ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපොළේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මොහු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ කුඩා වෙළෙඳසලක් පවත්වාගෙන යන 50 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු පසුගිය 11 වැනිදා රාත්‍රි 9.45ට පමණ ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබිණි. ඔහු රැගෙන ආ ගමන් මල්ලේ ව්‍යාජ පතුලක මෙම මෙතැම්පටමයින් ග්‍රෑම් 220ක ප්‍රමාණයක් සඟවා ගෙන තිබූ අතර, ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 60ක් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.

මෙම මෙතැම්පටමයින් කුඩා කැබලි ලෙස තිබූ බවත්, ඒවා කොළඹ ඇතුළු නගරවල ප්‍රධාන පෙළේ රාත්‍රි සමාජ ශාලාවල භාවිතය පිණිස රැගෙන එන්නට ඇතැයි ද පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය සැක පහළ කරයි. මෙම ඉන්දීය ජාතිකයා මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර, රැඳවුම් නියෝග ලබා ගෙන වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් කටයුතු කරමින් සිටී.

 


 

YOU MAY ALSO LIKE