Wednesday, August 22, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

" බැංකුවේ උකස් කරපු රත්තරන් බඩු වෙනුවට ඉමිටේෂන් බඩු තියලා , පරීක්ෂණ යට ගහන්න හොදට වියදම් කරලා " වික්ටර්ගේ අලුත් බිරිඳගේ කෙරුවාව මෙන්න .!

9222Views

තංගල්ලේ පිහිටි රාජ්‍ය බැංකුවක් තුළ සිදු වූ මහා පරිමාණ රන් භාණ්ඩ වංචාවක්  සදහා ප්‍රධාන සැකකාරිය ලෙස , ප්‍රවීන ගායක වික්ටර් රත්නායකගේ බිරිඳ හෂිනි රත්නායක පොලිස් අත්අඩංගුවට පත් විය. මෙම මහා පරිමාණ මුල්‍ය වංචාව සිදුවූ අයුරු දැන් හෙළිදරවු වෙමින් පවති.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකාරිය වික්ටර් රත්නායකගේ බිරිඳ . ඇය නමින් හෂිනි නිලක්ෂි අමේන්ද්‍රාය. තිස් දෙහැවිරිදි ඇයගේ නමද හෂිනි නිලක්ෂිනී රත්නායක නමින් වෙනස් විය. මේම තැනැත්තිය තංගල්ලේ මෙම රාජ්‍ය බැංකුවේ 2012 වසරේ සිට 2016 වසරේ අප්‍රේල් මාසය දක්වා කාලය තුළ සේවය කර තිබිණි.

එම කාලය තුළදී තංගල්ලේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙක් විසින් එම බැංකුවේ උකස් කරන ලද රත්රන් බඩු නැවත බේරාගෙන පරීක්ෂා කිරීමේදි හෙළිවූයේ අපූරු දෙයකි. එනම් මේ තමන් උකස් කෙරූ රණ් භාණ්ඩ නොව එවැනි ලෙසම සෑදු ඉමිටේෂන් ආභරණ බවය. මෙම රත්රන් භාණ්ඩ වංචාව රුපියල් දොළොස් ලක්ෂ අසූදහසක් විය. 

මෙම වංචාව පිළිබදව එම බැංකුවේ කළමනාකරු පොලීසියට පැමිණිලි කර තිබුණි. පොලිස් පැමිණිල්ලෙන් කියවුණේ එම බැංකුවේ 2016 වසර වනවිට උකස් අංශය භාරව සිටි නිලධාරිනිය උකස් කරන ලද රන් භාණ්ඩ වෙනුවට වෙනත් රන් බඩු දමා ඇති බවය. පොලිසියට පැමිණිල්ල පැමිණීමට මත්තෙන්ද මෙම සිදුවීම පිළිබඳ ආයතන මට්ටමින්ද පරීක්ෂණයක් සිදුවී තිබිණි. ඒ රත්රන් බඩු උකස් කරන ලද දෙදෙනකු විසින් කළමනාකරු දැනුවත් කිරීමෙන් පසුවය.

මාස එකහමාරක් වැනි කාලයක් තුළ බැංකුවේ උකස් කරන ලද රත්රන් බඩුවලට කුමක් වීද යන්න පිළිබඳ බැංකු කළමනාකාරවරයා අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කළේය. එහිදී බැංකුවේ තිබූ සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂාවට ලක්ව තිබුණි. සිදුවී ඇති දෑ සියල්ල හෙළි වන්නේ ඒ සී.සී.ටී.වී. දර්ශන ඔස්සේය. උකස් තබන ලද වටිනාකමින් ඉහළ රත්රන් බඩු වෙනුවට එවකට බැංකුවේ උකස් අංශය භාරව සිටි හෂිනි නිලක්ෂි අමේන්ද්‍රා විසින් ව්‍යාජ රන් භාණ්ඩ දමන ආකාරය එම සී.සී.ටී.වී. දර්ශනවල සටහන්ව තිබිණි.

බැංකුව තුළ සිදු කළ පරීක්ෂණයේදී හොරකම අතේ මාට්ටු වී තිබිණි. මෙය ගොඩින් බේරා ගැනීමට සූදානම් වූ හෂිනි රත්නායක එක් රන් භාණ්ඩ උකස්කාරියකට රුපියල් ලක්ෂ හයක මුදලක් ගෙවීමට එකඟ වී ගෙවා තිබුණි . ඒ සමඟ මේ තැනැත්තිය තංගල්ලේ සිට හෝමාගම එම බැංකුවට මාරු කර එව්වේය.

මෙම වංචාව සුළුපටු වරදක් නොවන නිසා අභ්‍යන්තර පරීක්ෂණයෙන් පසුව වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා පොලිස් පැමිණිල්ලක් ගොනු විය. මූලික විමර්ශනයෙන් පසු අදාළ සැකකාරියගේ සැක කටයුතු හැසිරීම් රටා සහිත වීඩියෝ දර්ශනද සහිතව තංගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනුකර මහෙස්ත්‍රාත්වරයාද දැනුවත් කිරීමට පොලිසිය කටයුතු කළේය.

එහෙත් අතරමඟදී අතිශය සැක උපදවන ලෙස එම පරීක්ෂණ කටයුතු අඩපණ වි තිබුණි. ඉන් පසුව රන් භාණ්ඩ සොරකමේ ඉදිරි පරීක්ෂණ කටයුතු තංගල්ල කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකයට පැවැරිණි. 
පළමුවෙන්ම උපාය දූතයන් මාර්ගයෙන් මෙම සැකකාරිය පිළිබඳ සියලු තොරතුරු රැස් කර ගත්තේය. සැකකාරිය පිළිබඳ සියලු තොරතුරු සොයා ගැනීමෙන් පසුව ඇයට තංගල්ල කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පෙනී සිටින ලෙසට පොලිසිය මඟින් ඇයට දැනුම් දුන්නේය. ඇය සිය විවාහක සැමියා වූ වික්ටර් රත්නායකත් සමඟ නීතිඥයන් දෙදෙනකුද සමඟ තංගල්ල පොලිසියට පැමිණියාය.

එහිදී ඇයට විරුද්ධව ඇති චෝදනා අනුව ඇය පොලිස් අත්අඩංගුවට ගත්තේය. අත්අඩංගුවට පත් සැකකාරිය පොලිසිය විසින් තංගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි. ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයෝ සැකකාරිය ඇප මත මුදා හරින ලෙසට ඉල්ලීමක් කළහ. එහෙත් පොලිසිය විසින් දිගින් දිගටම අධිකරණය හමුවේ කළ කරුණු දැක්වීමට අනුව සැකකාරිය ජනවාරි මස 17 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස තංගල්ල මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු මහී විජේවීර නියෝග කළේය.

මෙම සිදුවීමට අදාළව තංගල්ල මූලස්ථාන පොලිසිය හරහා පැවැත්වූ පරීක්ෂණ කටයුතු අතරමැද අඩපණ වූ බව මුද්‍රිත මාධ්‍ය වාර්තා කර තිබේ.. පරීක්ෂණ කටයුතු වසර එකහමාරක් තරම් කාලයක් ප්‍රමාද වී තිබුණේ කිසිවකුගේ බලපෑමක් නිසා බව කියැවේ. මුද්‍රිත මාධ්‍ය වාර්තා කරන ආකාරයට මෙම සැකකාරිය දිගින් දිගටම මෙම පරීක්ෂණ කටයුතු යට ගැසීමට විවිධ මැදිහත් වීම් සිදු කර තිබිණි. වංචාව වසන් කිරීම සඳහා තංගල්ල මූලස්ථාන පොලිසියේ නිලධාරීන්ට අල්ලස් දුන් බවද මුද්‍රිත මාධ්‍ය වාර්තා කර තිබේ. විමර්ෂණයේ සිටි එක් නිලධාරියකුට සුපිරි වාහනයක් තෑගි ලැබුණු බවද මෙම වාර්තා වල දැක්වේ.  

තතු දත් ආරංචි මාර්ග පැවැසුවෙ පොලිසිය සැකකාරියට කළ දැනුම් දීමට අනුව පසුගිය 09 වැනි දින පොලිසිය හමුවේ පෙනී නොසිටියේ නම් අපරාධකාරියකට ආරක්ෂාව හා රැකවරණය දීමේ චෝදනාව යටතේ ඇගේ සැමියා වූ වික්ටර් රත්නායකද පොලිස් අත්අඩංගුවට ගැනීමේ සැලසුමක් තිබූ බවය.
 


 

-මුද්‍රිත මාධ්‍ය වාර්තා ඇසුරිනි -

YOU MAY ALSO LIKE