Saturday, April 21, 2018
- 0770586666

" වෙන් වෙන්න නම් දීපු බඩු ටික දෙන්න " අනියම් බිරියගෙන් වෙන්වෙන්න කරවල ග්‍රෑම් 250ක් ඉල්ලූ අපූරු පුද්ගලයා .!

1540Views

වසර ගණනාවක් තිස්සේ එකට ජීවත් වූ යුවළක් වෙන්ව යාමේදි , සිය අනියම් බිරියගෙන් වෙන්ව යාමට නම් ඇයට ගෙනැවිත් දුන් කරවල ග්‍රෑම් 250ද ඉල්ලීමේ සිද්ධියක් කටුගස්තොට ප්‍රදෙශයෙන් වාර්තා වේ. වාර්තා වන අන්දමට සිදුවීම සැකෙවින් මෙසේය.

එම කාන්තාව 53 හැවිරිදිය.  ඇයගේ සැමියා මීට වසර කිහිපයකට පෙර මියගොස් ඇති අතර ඉන්පසුව ඇය වෙනත් පුද්ගලයකු සමග අනියම් ඇසුරක් පවත්වා තිබේ. පසුව ඔවුන් දෙදෙනා එක්ව ජීවත්ව තිබේ. ඒ අතරතුර මෙම පුද්ගලයා වෙනත් කාන්තාවන් ඇසුරු කරන බවට ඇයට සැකයක් මතුවීම නිසා කාන්තාව ඔහුගෙන් වෙන්වී නිවසක් කුලියට ගෙන පැමිණ තිබෙන බව සදහන්.

කෙසේ වෙතත් සිය අනියම් බිරිය හැර යාමට අකමැති වූ මෙම පුද්ගලයා එම නිවසටද ඇය සොයා පැමිණ ඇති ඔහු ඇය සමග තවදුරටත් ජීවත් වීමට අවශ්‍ය බව පවසා තිබේ. එයට අකැමැති වූ කාන්තාව මේ සම්බන්ධයෙන් පොලීසියේ පැමිණිල්ලක් දමා ඇත. ඒ අනුව පොලිසිය මෙම පැමිණිල්ල විභාගයට ගත් අවස්ථාවේදී නැවත ඔහු සමග ජීවත් වීමට ඇය කොහෙත්ම එකඟ නොවීම නිසා ඇයගෙන් වෙන්වීමට නම් ඇයට ලබාදුන් භාණ්ඩ සියල්ල ඔහු නැවත ඉල්ලා තිබේ.

එම භාණ්ඩ අතර කැඩුණු ඇඳක්, ස්ටූලයක්, කේතලයක් වූ අතර එයට අමතරව ඔහු ඇයට ගෙනැවිත් දී තිබූ කරවල ග්‍රෑම් 250ද ඉල්ලා තිබේ. ඒ අනුව පොලීසිය මැදිහත් වී එම භාණ්ඩ සමග කරවල කෑල්ලද ඔහුට ලබාදී ඇති අතර එම කරවල කෑල්ලද බදාගෙන ඔහු හැර යාමට නොහැකි බව පවසමින් පොලීසිය තුළ හඬා වැටී තිබෙන බවද වාර්තා වේ.


 


 

YOU MAY ALSO LIKE