Saturday, April 21, 2018
- 0770586666

අලුත් මත්පැන් නීති ගැන මම දැනගත්තේ ප්‍රවෘත්ති වලින්...!! ජනපති අගලවත්තේ දී කියපු කතාව. (VIDEO)

8271Views

මත්පැන් අලෙවිසල් රාත්‍රී 10 දක්වා විවෘත කිරීම හා කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීමේ සහ විකිණීම සම්බන්ධයෙන් පැවති නීති ලිහිල් කිරීම පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දැඩි විරෝධය එල්ලවී තිබෙනවා.

තමාගේ ‘‘මතට තිත‘‘ ජාතික  ප්‍රතිපත්තියට මෙම නීති පටහැනිව ක්‍රියාත්මක වන බව පෙන්වා දෙන ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් කඩිනම් තීරණයක් ගන්නා බව සිය ටිව්ටර් ගිණුමේ සඳහන් කර තිබුණා.

ඒ අනුව අද (14) අගලවත්ත ප්‍රදේශයේදී පැවති ජන හමුවකදී ජනාධිපතිවරයා කියා සිටියේ හෙට (15) දින සිට කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීමේ සහ විකිණීම සම්බන්ධයෙන් හා උදෑසන රාත්‍රී 10 දක්වා මත්පැන් අලෙවිසැල් විවෘත කර තැබීමට අදාල නීති අහෝසි කරන බවයි.

එසේම මෙම නව නීති පිළිබඳව තමන් දැනගත්තේ ප්‍රවෘත්ති විකාශයකින් බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම ජනහමුවේදී ප්‍රකාශ කලා. එම වීඩියෝව පහතින්.

 

 


YOU MAY ALSO LIKE