Wednesday, August 22, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

‘මීට වඩා හැඟීම් පාලනය කරගන්න‘‘ - කෝලීට අයි සී සී යෙන් දඬුවමක් (PHOTOS)

4147Views

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය විසින් ඉන්දීය නායක විරාත් කෝලි හට දඩ නියම කර තිබේ.

ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර මේ වන විට පැවැත්වෙන ටෙස්ට් තරඟයේදී වූ සිදුවීමක් නිසා ඉන්දිය නායකයාට තරඟ මුදලින් 25% දඩයක් නියම කිරීමට අයි සී සී ය මෙසේ තීරණය කොට ඇත.

දකුණු අප්‍රිකානු දෙවන ඉනිමේ 25වන පන්දුවාරයේදී පන්දුව තෙත සහිත බව පවසමින් විනිසුරු මයිකල් ගෆ්ට දිගින් දිගටම පැමිණිලි කළ පසුව ආකමණශිලි අයුරින් පන්දුව පිටියට දෙසට විසිකරමින් පළකල හැසිරීම මෙම දඩුවමට හේතුවී ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ක්‍රිකට් වාචරකයෙකු වන කෙප්ලර් වෙසසල්ස් පෙන්වා දෙන්නේ කෝලී මීට වඩා තම හැඟීම් පාලනය කර ගත යුතු බවයි

තරඟයේ සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන දකුණු අප්‍රිකානු කන්ඩායම මීඨ සුළු මොහොතකට පෙර කඩුලු 9ක්දැවී ලකුණු 251 රැස්කරගෙන සිටි අතර,ඔවුන් ඉන්දීය කණ්ඩායමට වඩා ලකුණු 279ක් ඉදිරියෙන් සිටියි.හෙට තරඟයේ පස්වන දිනයයි.






 

YOU MAY ALSO LIKE