Wednesday, August 22, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ලෝක රූ රැජින මනුෂි සිනමාවට එක් වෙයිද..? ඉන්දියාවේම අවධානය දිනා ගනිමින් මනුෂි අමුතු විදියේ දින දර්ශනයක...!! (PHOTO)

2562Views

මෙවර ලෝක රූ රැජින කිරුළ දිනාගත් මනුෂි චිල්ලාර් පිළිබඳව නැවතත් කතාබහට ලක්වී තිබෙනවා. ඒ ඇයගේ ඡායාරූපයක් සමඟ නිකුත් වූ දින දර්ශනයත් සමඟයි. Dabboo Ratnani විසින් නිර්මාණය කරන ලද මෙම දින දර්ශනය අද (17) එළිදැක්වූ බව ප්‍රකාශ කරමින් අදාල ඡායාරූපය සමඳ ඇය ටිව්ටර් පණිවිඩයක්ද නිකුත් කර තිබුණා.

පදිංචි 20 හැවිරිදි මනුෂි චිල්ලාර් ලෝක රූ රැජින කිරුළ දිනාගැනීමත් සමඟ බොහෝ දෙනා මත පලකළේ මීට පෙර ඉන්දියාව නියෝජනය කරමින් මෙම කිරුළ දිනාගත් ඓශ්වර්යා රායි,ලාරා දත්තා, සුශ්මිතා සෙන් වැනි අය මෙන් මනුෂිද බොලිවුඩ් සිනමාවට එකතුවනු ඇති බවටයි.

තමන් සිනමාවට එක්වීමට එතරම් කැමැත්තක් නොදක්වන බවත් යම් දිනක අමීර් ඛාන් සමඟ රඟපෑමට අවස්ථාවක් ලැබෙන්නේනම් එය ඉතා සතුටින් භාරගන්නා බවත් ඇය ඉන්දියානු මාධ්‍යවලට පවසා තිබුණා.

කෙසේ නමුත් මෙම සිදුවීමත් සමඟ නැවතත් ඇය සිනමාවට එක්වනු ඇති බවට බොහෝ විචාරකයින් මතපළ කර තිබෙනවා.

 

YOU MAY ALSO LIKE