Tuesday, February 20, 2018
- nethgossip.lk@gmail.com

අගමැතිගේ ඉල්ලීමට පද්මාතී පද්මාවත් වී ලංකාවට එයි..!! (VIDEO)

2429Views

මේ දවස් වල බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබෙන චිත්‍රපටයක් තමයි සන්ජේ ලීලා බන්සාලි විසින් අධ්‍යක්ෂණය කළ "පද්මාවතී" චිත්‍රපටය. හින්දු පුරාවෘත වල සඳහන් වන පද්මාවතී රැජිනගේ චරිතය විකෘති කරමින් මෙම චිත්‍රපටය නිෂ්පාදනය කර ඇති බව පවසමින් ඉන්දියාව පුරාම මෙම චිත්‍රපටයට දැඩි විරෝධතාවයක් එල්ල වුනා.

කෙසේ නමුත් පසුව මෙම චිත්‍රපටයේ නම වෙනස් කරමින් එළඹෙන 25 වනදා සිට ප්‍රදර්ශනය කිරීමට තීරණය කර ඇති අතර පද්මාවතී යන නම පද්මාවත් ලෙස වෙනස් කර තිබෙනවා.

ජනප්‍රිය බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන් , රන්වීර් සිං සහ ශහීද් කපූර් රංගනයෙන් දායක වන මෙම චිත්‍රපටය ඉන්දියාවේ  තිරගත කරන දිනයට සමගාමීව ශ්‍රී ලංකාවේද විශේෂ දර්ශනයක් පවත්වන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා රැගුම්පාලක මණ්ඩලයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ අනුව රැගුම්පාලක මණ්ඩලය විසින් චිත්‍රපටයේ අධ්‍යක්ෂ බන්සාලි සමඟ සාකච්ඡාකොට ඇති අතර ඔහු එම ඉල්ලීමට එකඟත්වය පළකර තිබෙනවා.

 

YOU MAY ALSO LIKE